තරු මුමුණන රහසක් අතර රහසක් වෙන්න
සදුගේ ආඩම්බරකාර සිතුවිලි අතර සිතුවිල්ලක් වෙන්න
වලාකුළු මුමුණන ගීතයක පදවැලක් වෙන්න
හැකි නම් මටත් ඒ අහස වෙත ලං වෙන්න…
සදුගේ ආඩම්බරකාර සිතුවිලි අතර සිතුවිල්ලක් වෙන්න
වලාකුළු මුමුණන ගීතයක පදවැලක් වෙන්න
හැකි නම් මටත් ඒ අහස වෙත ලං වෙන්න…
නුබේ දගකාර කතා වල වචන පොකුරක් වෙන්න
හැඩකාර සිනා වල සිනා පොදක් වෙන්න
වරක්වත් ඒ සොදුරු හඩ අහන්න
ආසයි අදත් නුබේ රුව දකින්න…
වරක්වත් ඒ සොදුරු හඩ අහන්න
ආසයි අදත් නුබේ රුව දකින්න…
හදවත මෙන් අහස හඬන හඬ අහන්න
කදුළු බින්දු මෙන් වැහි බිදු වලින් තෙමෙන්න
අනෝරා වැසි වැටි දුක සෝදා හරින්න
ආසයි මටත් තනිව හිද හඩන්නට…
ආදරයට හදවතින්ම ආදරය කරන්න
හුදකලාවේ තනි වෙන්නට
සිතුවිලි අතර කිමිදෙන්නට
ආසයි මාත් තනි වෙන්නට...
තනිව හිද නුබේ සුසුම්ලන්න
ඇසට උනන කදුලැල් නිදහසේ ගලන්නට
මතක පොදී අතර අතරමන් වන්නට
අනේ මටත් ආසයි නිදහසේ තනි වෙන්නට...
ආසාවන් පසු පසින් දුවමින්
මිරිගුවට නොරැවෙටිමින්
මිදෙනම් ඒ සොදුරු හීනයෙන්
ජීවිතය යතාර්ථයක් නියාවෙන්..
මිරිගුවට නොරැවෙටිමින්
මිදෙනම් ඒ සොදුරු හීනයෙන්
ජීවිතය යතාර්ථයක් නියාවෙන්..
ආසාවන් පසු පසින් දුවමින්
ReplyDeleteමිරිගුවට නොරැවෙටිමින්
මිදෙනම් ඒ සොදුරු හීනයෙන්
වැදහත්ම ටික!!!
හ්ම්ම්ම්.......ඕක හැම වෙලේම හිතෙන නිසා තමා මාත් ආපහු හැරිලා එන්නේ....:)
Deleteහුගක් ස්තුතියි...ඔයාව සාදරයෙන් පිලි ගන්නවා යාලු..!!!
හුදකලාව කවියට වගේම ගීයටත් අපූරු මාවතක්. එහෙම තනි වුණු වෙලාවක පාව එන සිතුවිලිත් හරිම අරුතු බර වෙනවා වගේම සංවේදි වෙන අවස්ථාවලුත් තියෙනවා.
ReplyDeleteඇත්තටම ජීවිතය යථාර්ථයක් වෙන්න නම් ඒ හුදකලාවෙන් මිදෙන්නම අවශ්‍යයි.
"අනෝරා වැසි වැටි දුක සෝදා හරින්න
ආසයි මටත් තනිව හිද හඩන්නට…"
මේ කවියෙ මේ යෙදුම හරිම අර්ථවත් වගේම අලංකාර යෙදුමක්ද වෙනවා.
හුගක් ස්තුතියි...
Deleteකවි ලියා ගන්න බැරි උනාට හිතේ තියන වචන ඔහේ කුරුටු ගැවෙනවා විතරයි....:)
ඔබගේ වගේ ලස්සන පද ගැලපීම් කරන්න නම මට කවදාවත්ම බැරි වෙවී...:D
සිහින හමා යන්න ඒ සිහින අපිට බලාපොරොත්තු දෙන බැවින්
ReplyDeleteයථාර්ථයේ ජීවත් වෙන්න ඒ අපි ජීවත් වෙන ලෝකය නිසා වෙන්
......................................................................................................
ලස්සනයි
යථාර්ථයට අපි මුණ දෙන්නේ ඕනනේ මල්ලියෝ...එක නම් ඇත්ත. හුගක් ස්තුතියි හොදේ...
Deleteඅනේ මටත් ආසයි නිදහසේ තනි වෙන්නට...
ReplyDeleteඒකත් වෙලාවකට වදයක්..
තනිකමද යාලු වදයක් කිව්වේ...?
Deleteඑක පැත්තකින් සමහර වෙලාවට එහෙමයි තමා ඒ උනාට නිදහස කියන දේ හුගක් වටිනවනේ.....:)
//ආසාවන් පසු පසින් දුවමින්
ReplyDeleteමිරිගුවට නොරැවෙටිමින්
මිදෙනම් ඒ සොදුරු හීනයෙන්
ජීවිතය යතාර්ථයක් නියාවෙන්..//
යතාර්ථය තේරුම් අරගෙන මිරිගුවක් පස්සේ දුවන එකෙන් නවතින්න පුළුවන් උනා නම් ලොකු දෙයක්. දුවන්න පටන් ගත්තම මිරිගුවක් කියල දැනගෙනම අපි ඒක පස්සේ දුවනවා. අපේ ස්නායු වලට ඒ දිවිල්ල හුරු වෙලා ඇති සමහර විට. අමාරුවෙන් හරි ඒ පුරුද්ද කඩන්න පුළුවන් උනොත් එතන තමයි ජයග්‍රහණය.....
හ්ම්ම්....යථාර්ථයට අපි මුණ දෙන්න ඕනනේ යාලු කොහොමත්.
Delete//මිරිගුවක් කියල දැනගෙනම අපි ඒක පස්සේ දුවනවා//
මේක නම් ඇත්තම ඇත්ත..... ඒ උනාට අපිට කොහොම හරි ජීවිතේට මුණ දෙන්න එපයි නේද...
හුගක් ස්තුතියි යාලු...:)
ඇත්ත..මිරිඟු කියල දැන දැනත් අපි ඒවා පස්සෙම දුවන්නෙ ඇයි? හිතට පුරුදු වෙලා තියන හැටිද..අපි හිතට වහල් වෙලාද??
ReplyDeleteඅපි අපේ හැගීම වලට වහල් වෙලා කිරිල්ලියේ එකයි ඒ...
Deleteඑත් අපි ජිවීතෙට මුණ දෙන්න එපයි නේද...
හුගක් ස්තුතියි කිරිල්ලියේ මේ පැත්තේ ආවට..
ජීවිතය වසාගත්
ReplyDelete…තනිකමට වහල් වී
…අහිමි වූ පැතුමක
…සුවඳ සිහිකරමින්
…හැඟීමට නතුවී
…පාලුවේ පිපාසාවට
…මිරිඟු දිය සොයමින්
…වියලි කතරක ගෙවෙන දිවිය
…සිහිනයක් බව හැඳින
…ඉන් මිදී අවදිව
…ගෙවනු මැන ජීවිතය
…අවබෝධ කර ගත් යථාර්තය තුළින්
…
…අන්තිම කවියට මම හරිම කැමතියි.. ඒක ගැන අක්ක ඇත්තටම හිතන්නෙ එහෙම නම් අක්ක දිනුම්.. මොකද කියන්නෙ?? ඔට්ටුනම් මෙන්න කැට..
ශා....අපේ බට්ටා හොද කවි කාරයනේ....:)
Deleteකැට නම් ගහන්න බැ අප්පා දැන් වෙන වෙලාවක සෙට් වෙලා අනිවා ගහමු හොදේ....
යතාර්තෙට මුණ දෙන්න මන් දැන් ලැස්තිනේ..:)
හුගක් ස්තුතියි හොදේ...
යථාර්තයට මූණ දෙන්න එපා.. එහෙම උනොත් අපි යථාර්තයට බය වෙනවා.. ඇත්ත තිත්ත වෙනවා කියන්නෙ ඒකට.. යාථාර්තයත් එක්ක ජීවත් වෙන්න.. පුලුවන් තරං හිතට එකඟව වැඩ කරන්න.. හරි දේම කරන්නෙ කොහොමද කියල හිතන්න.. ඒ දේ කොහොම හරි කරන්න.. එතකොට අපි කරපු දේකට කවුරුවත් වැරැද්දක් කිව්වත් අපිට දුකක් නෑ.. අපේ හිත දන්නවා කවුරු නොදන්නව උනත් අපි කරේ හරිම දේ කියල.. අන්න එතකොටයි අපි යථාර්තයත් එක්ක ජීවත් වෙන්නෙ.. අපිට සම්පූර්ණයෙන්ම නිවැරදි වෙන්න බැරි උනත් ඒකට පුලුවන් තරං උත්සාහ කරන්න.. මේ කියපු ටික පුලුවන් තරම් තේරුම් අරගෙන හරි නම් විතරක් හිතට ගන්න..
Deleteතනිකම හුදකලාව කොච්චර නම් ජීවිත වලට සමීප ඇත්ද. කොච්චර පාලු වුනත් දුකක් වුනත් තනිකම හුදකලාව ජීවිතේ අමුතුම පැත්තක් කියනවා. ජීවිතය යතාර්ථයක් නිසා හීනයෙන් මිදිය යුතුයි. ඔයාගෙන් වෙනස් කවියක්. ගොඩක් ලස්සනයි අක්කේ.
ReplyDeleteමන් ජිවිතේ හරි පාරට ටික ටික යනවනේ මල්ලියෝ....;)
Deleteඔයා ඒක හොදෙට දන්නවනේ..
තනිකමේ තියන සුන්දරකම මට හොදටම දැනෙනවා..මන් එකට හුගක් ආසයි..
හුගක් ස්තුතියි මල්ලියෝ...
“හදවත මෙන් අහස හඩන අහන්න
ReplyDeleteකදුළු බින්දු මෙන් වැහි බිදු වලින් තෙමෙන්න
අනෝරා වැසි වැටි දුක සෝදා හරින්න
ආසයි මටත් තනිව හිද හඩන්නට…“
මේ ටිකට මං පුදුම ආසයි අක්කෝ........^_^
අඩන්න එපා මගේ නංගෝ හිනා වෙලා ඉන්න.....:)
Deleteහුගක් ස්තුතියි හොදේ...
//මිදෙනම් ඒ සොදුරු හීනයෙන්
ReplyDeleteජීවිතය යතාර්ථයක් නියාවෙන්..// මේ පදපේලි ඔයාගේ ජිවීතය ගොඩාක් වෙනස් කරාවි අක්කා....
හ්ම්ම්ම්........ඒ පේලි දෙක මගේ ජීවිතේම වෙනස් කරලා අදට මල්ලියෝ...
Deleteහුගක් ස්තුතියි හොදේ.....
අන්තිම චූට්ටලු හොදම චූට්ට.....
ReplyDeleteහැමදෙයක්ම එක්ක වැදගත්ම දේත කියලා තියනවා....
හි හි..එකට තමා තරු මල්ලියෝ මන් මේ දවස් ටිකේ මුණ දෙන්නේ...
Deleteහුගක් ස්තුතියි හොදේ...
යථාර්තයට මුහුණ දෙන්න නම් ආසවන් අමතක කරන්න වෙනවා.
ReplyDeleteආසාවන් හා යථාර්තයන් අතර ජීවිතය සොයා යන අපි...
:)
ලස්සනයි අක්කේ මේ කවි පෙළ. හැමදේම තියෙනවා.
ආසා වලින් මිදිලා අපි යථාර්තයට හැමදාම මුණ දෙන්න ඕනනෙ නංගියෝ..
Deleteඒ ආසාවන් මන් පැත්තකින් තිබ්බා..
හුගක් ස්තුතියි හොදේ...
මටත් ඔහොමම හිතුනා! :) :) ;)
ReplyDeleteහි හි...අලි මල්ලිය ඔහොම හිතල දැන් අනිත් පැත්තෙනෙන් නේද...;)
Deleteහුගක් ස්තුතියි හොදේ...
හීනයක් වෙනකම්ම
ReplyDeleteහීනයට හීනියට
පෙම් බැඳ,
හීනය හීනයක් වූ
මිරිගුවක් බව
කියන්නේ
හීනයේ
සැබෑ අරුත
නොදැනද?
හීනයේ අරුත දන්නා මුත්
Deleteවිටෙක අපි හැගීම් පසුපසම
යයි උන්මත්තකයන් මෙන්
හීනයේ සැබැ අරුත
වටහා ගතිමි
සිහිනයෙන් අවදිව
හි හි මමැ කවදාවත් කවි නොලියපු එකෙක් මේවා ගැලපුනේ නැතුවට ගන්නන් ගන්න එපා හොදේ...:)
හුගක් ස්තුතියි යාලු...
තනිවෙන්න ආසා කරන්න එපා.. තනිකමත් වෙලාවකට දුකක්..
ReplyDeleteකවි පෙල ලස්සනයි.. අදනේ මට මේ පැත්ත්ට ගොඩ වෙන්න පුළුවන් උනේ.. :)
තනිකම් දුකක් තමා අයියේ වෙලාවකට එත් ඒ තනිකම හුගක් සුන්දරයි එකට මන් හුගක් ආසයි..
Deleteහුගක් ස්තුතියි හොදේ
ඔයාව මේ පැත්තට හුගක් සාදරයෙන් පිලි ගන්නවා....:)
ලස්සන කවි ටික...මිරිඟුවක් බව දැන දැන මිරිඟුව පස්සේ දුවන එක තමයි මෝඩ කම....ඒ මිරිඟු හීන වලින් මිදෙන එක නුවණක්කාර කම :)
ReplyDeleteඒ හිනයෙන් මිදිලා යතාර්තයට දැන් මේ මුණ දෙනවා...
Deleteහුගක් ස්තුතියි අක්කෝ......:)
සිහිනයක් නොවුන මුත්
ReplyDeleteජීවිතය
දකින විට සිහින ලැබේ පන්නරය
හිතට
ජිවිතේ පන්නරය
Deleteසිහින තුලින් නොව
යථාර්තය තුලින්ම
ලැබී ඇත අද දින...
හුගක් ස්තුතියි අක්කෝ...
ඔයාල වගේ ලස්සන කවි ලියන්න මට බැ එත ඔන්න ඔහේ ගැට ගහලා උත්තරයක් දැම්මා...:)
//..නුබේ දගකාර කතා වල වචන පොකුරක් වෙන්න
ReplyDeleteහැඩකාර සිනා වල සිනා පොදක් වෙන්න
වරක්වත් ඒ සොදුරු හඩ අහන්න
ආසයි අදත් නුබේ රුව දකින්න..//
හුගක් ලස්සනයි හිරු....
හුගක් ස්තුතියි යාලු...
Deleteඔයාව මේ පැත්තට සාදරයෙ පිලි ගන්නවා...
ආසාවන් පසු පසින් දුවමින්
ReplyDeleteමිරිගුවට නොරැවෙටිමින්
මිදෙනම් ඒ සොදුරු හීනයෙන්
ජීවිතය යතාර්ථයක් නියාවෙන්..
ලස්සනයි මේ පද ටික...හිරූ
හුගක් ස්තුතියි යාලු...
Deleteඔයාව මේ පැත්තට සාදරයෙන් පිලි ගන්නවා හොදේ...:)
//ආසාවන් පසු පසින් දුවමින්
ReplyDeleteමිරිගුවට නොරැවෙටිමින්
මිදෙනම් ඒ සොදුරු හීනයෙන්
ජීවිතය යතාර්ථයක් නියාවෙන්.//
යතාර්ථවාදී විදිහට ජීවිතය දිහ බලනවනම් ප්‍රශ්න අඩුයි.කොයි තරම් ආස උනත් නොලැබෙන දේවල් ගැන හිතල දුක් වෙනවට වඩා ජීවිතයට ලැබිල තියෙන දේවල් එක්ක සතුටින් ජීවත් වෙන එක හොඳයි.
ඔව් යාලු අපි හැමදාම ජිවිතේ නොලැබුන දේවල් වලට අඩනවා..එත ඇත්තට මුණ දෙන්න එපැයි...
Deleteඔයාට හුගක් ස්තුතියි යාලු...:)
කවියේ පද පේලි ලස්සනයි පලවෙනි කවි පංති ටික ආදරණිය විදියට ලියල තියෙනවා.
ReplyDeleteජයෙන් ජය.
හුගක් ස්තුතියි අයියේ....:)
Deleteඔයාටත් ජයෙන් ජය...!!!
//ආසාවන් පසු පසින් දුවමින්
ReplyDeleteමිරිගුවට නොරැවෙටිමින්
මිදෙනම් ඒ සොදුරු හීනයෙන්
ජීවිතය යතාර්ථයක් නියාවෙන්..//
මේ කොටස තමා ගොඩක්ම හිතට වැදුනේ අක්කේ... (ඳ අකුර වෙනුවට ද අකුර ටයිප් වෙලා තිබ්බද මන්ද කවියේ....)
හුගක් ස්තුතියි නංගියෝ..
Deleteවැරදීම් නම් ඇති මගේ අතින් ඔය සැහෙන්න ලොකු ප්‍රින්ටින්ග් මිස්ටේක් වෙනවා සැහෙන්න කොටන්න ගියාම... වැරැද්ද පෙන්නුවා එක හොදයි හොදේ..මන් සැහෙන්න හද්දා ගන්නම්කො ඕක නම්......:)
ලස්සන පද පේළි ටිකක්
ReplyDeleteහුගක් ස්තුතියි අක්කෝ......:)
Deleteඅනේ මටත් ආසයි අක්කෝ.... :-) :-)
ReplyDeleteඑන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හි හි කිසි පරක්කුවක් නැනේ රජ මල්ලියෝ...මම ඔයාට වඩා පරක්කුනේ එහෙනම්.....:)
Deleteඔයාට මොනවටද ආස මල්ලියෝ...? ;)
රාජ සම්පත් එපා මට හොදේ...:P
ලස්සනයි!
ReplyDelete// නුබේ දගකාර කතා වල වචන පොකුරක් වෙන්න
හැඩකාර සිනා වල සිනා පොදක් වෙන්න
වරක්වත් ඒ සොදුරු හඩ අහන්න
ආසයි අදත් නුබේ රුව දකින්න…//
මේකට ගොඩක්ම
හුගක් ස්තුතියි චුටි පුතේ......:)
Deleteආදරය කෙතරම් මිහිරිද :)
ReplyDeleteහ්ම්ම්.....ආදරය වෙලාවකට හුගක් මිහිරියි ඒ වගේම වෙලාවකට නම් කවදාවත් නොකරන්න හිතෙන තරමට දුකක්....
Deleteහුගක් ස්තුතියි යාලු....:)
කලින් දවසකත් මේ පැත්තේ ආව... කවි වලට ඒ තරම් කැමැත්තක් නැති නිසා සද්ද නැතිවම ගියා...... මටත් ආසයි නිදහසේ තනි වෙන්නට............
ReplyDeleteඇයි අප්පා කවි වලට ආස නැත්තේ..?
Deleteකවියක් ලිව්වත් මාත් කවි ලියන්න දන්නා එකෙක් නම් නෙවෙයි ඉතින්..
හුගක් ස්තුතියි
ඔයාව සාදරයෙන් පිලි ගන්නවා මේ පැත්තට...:)
මටත් ආසයි නිදහසේ තනි වෙන්නට...
ReplyDeleteහි හි....ඉතින් ඇති වෙන්න නිදහසේ තනි වෙන්න......:)
Deleteනිදහසේ තනිවෙන්න පුලුවන් තැන් තව කීපයයි ඉතිරිවලා තියෙන්නෙ...
ReplyDeleteඉක්මන් කරන්න...
henryblogwalker the Dude
ඒ මොනවද ඒ...?
Deleteමන් දන්නේ නැනේ......:(
හුගක් ස්තුතියි මේ පැත්තේ ආවට..
නිදහසේ තනිවෙන්න..
ReplyDeleteසිත් අහසෙ පියඹන්න..
යථාර්ථය දැනගන්න..
ජීවිතය සැමවිටම විදගන්න සැරසෙන්න..
ඕන්න මාත් ආවා හිරු අක්කව බලන්න.
මගේ බිලොග් එකටත් ආවට බොහොම ස්තූතියි(zoohunter)
හොද ලස්සන අදහස් දිගටම ලියන්න.සුභපැතුම්
හෙ හෙ මෙන්න සුහන්ටර් ඇවිත්...මෙහෙ සත්තු නම් නැ...;)
Deleteඔයාව සාදරයෙන් පිලිගන්නවා මල්ලියෝ....
යථාර්ථය තුල අපි ජිවත් වෙන්න එපයි නේ මොන තරම් හින මැවුවත්....:)
හුගක් ස්තුතියි හොදේ...
හි හි..හුගක් ස්තුතියි මල්ලියෝ..:)
ReplyDelete