Saturday, June 16, 2012

කොමාවක් නොතබා නැවතීමක් තැබූ උපන්දින තෑග්ග



යාලුවනේ, හුග කාලෙකට පස්සේ පොස්ට් එකක් ලියන්න අද ආවා. මේ දවස් ඇතුලතදී හුගාක් බ්ලොග් පොස්ට් කියවන්න  මගරුනා... මේ දවස් ටිකේ හුගාක් ප්‍රශ්න වලට මුණ දුන්නා. විභාග, අයියට අසනීප වීම වගේ දේවල් නිසා ජිවත් උනේ මේ ලෝකේ සිහියකින් කියලා කියන්න අමාරුයි. මේ ප්‍රශ්න ටික අඩු උන ගමන් මන් ඔයාල හැමෝගෙම පොස්ට් කියවන්න එනවා. ඒ වගේම කලින් පොස්ට් එක ලියලා මාසයක් වෙලත් තාම කොමෙන්ට් වලට උත්තර දීලා නැතුව ඇති. මන් එකත් ඉක්මනටම කරන්නම් හොදේ... හැමෝගෙන්ම ඒවාට සමාව ඉල්ලනවා මුලින්ම….:(





ආදරණිය හිරු,


අම්මා  තාත්තාගේ ,සහෝදරයන්ගේ ආදරේට පසුව ලැබුන වටිනම ආදරය වූ ඔයා වෙනුවෙන්ම අවසානයේදී  කවදාවත්ම ඔයාට නොදීපු විදියේ අවසාන උපන්දින තෑග්ගක් දෙන්න මන් තීරණය කලා. ඒ නිසා මේ ලිපිය ලියන්න ගත්තත් මට මගේ ජිවිතේ එක තැනක නැවතිලා ඉන්න ඕන නැති නිසාමයි. මට ගමන් කරන්න ඕන මගේම මාර්ගයක් තියනව මන් ඒ මාර්ගයේ කොච්චර බාධක ආවත් ඉස්සරහටම යනවා එදා වගේම අදටත්.ඔයා හොදටම දන්නවනේ මම දෙයක් කිව්වොත් ඒ දෙය කොහොම හරි මගේ උපරිමයෙන් කරනවා කියලා. එත් ඒ මාර්ගේ ගමන් කරද්දී සැහෙන්න  ලොකු ගැබුරු හෙලකට මාව ඇදන් වැටුනා.තාමත් මන් ඒ හෙලෙන් ගොඩ එනවා. කවද හරි දවසක මන් ඒ හෙලෙන් අපහු ගොඩ වෙනවමයි. අදට මාස 4යි දවස් 16කුයි ගතවුනු  කාලයක් තුල මේ ඇහෙන් ඔයා වෙනුවෙන් කදුළු  බින්දුවක් නොවැටුණු දවසක් හොයා ගන්න අමාරු වෙන්න පුළුවන්. අද වෙනකොට ඒ කදුළු වලට නැවතීමේ තිත තියලා තියෙන්නේ අඩන්න කදුළු හැමදාම නෑ වගේම, ඇහැට ඇගිල්ලෙන් ඇනගෙන අඩන්න උවමනාවක් නැති නිසයි.

ජිවිතේ ගෙනියද්දි කොච්චර බාධා ආවත් ඒවා ගැන හිතන්න දැන් මගේ හිතේ ඉඩ අඩු වේවි. මේ පුංචි හිතට හුගක් ආදරය ගෙනත් දුන්නට ඔයාට හුගක් පින්. ආදරය කියන දේ පිටුපස්සේ තියන දුක කියන බැරෑරුම් දේ එදා තේරුම් ගන්න බැරි උනත් මන් අද ඒක හොදට තේරුම් අරන් ඇති. ඔයා මගේ ජිවිතේ අතීතය. මගේ අනාගත ජිවිතයේ අඩිතාලමේ පුරුකක් වේවි. ඒ අතීතය දිහා ආපහු හැරිලා බලලා කවදා හරි හිනා වෙන්න මන් මගේ අනාගතේට ගමන් කරනවා. සමහර විට ඔයා මේක කියවනවා ඇති නොකියවනවා නම් ඒක හුගක් හොදයි. මම ඔයාගේ හිත ලග නැවතිලා මගේ ජිවිතේ වටිනා කාලය ගෙවා දැමුවත් ලෝකය නැවතුනේ නෑ කියලා මම දන්නවා. මම ඔයාගේ ආදරේ ඔයාටම බාර දීලා ඔයාගේ සතුට දුන්නනේ. ඒ සතුටත් එක්ක හැමදාම හුගක් සතුටින් ඉන්න. ඔයා හිනා වෙලා ඉන්න තරමටම මටත් හිනා වෙලා ඉන්න පුළුවන් හැමදමත්ම. ඔයාලා දෙන්න එක්ක මගේ හිතේ කවදාවත්ම කිසිම තරහක් නෑ.

අදින් පස්සේ හුගාක් දේවල් වල හුගාක් වෙනස්වීම් වේවි ඒ හැම වෙනසටම මම ලෑස්තියි. ඔයාට කියන්න අන්තිමට හුගාක් දේවල් ඉතුරු උනත් ඒ හැමදේම වලලා දානවා. උත්තර දැන ගන්න ඕන ප්‍රශ්නෙත් එහෙම්මම අතෑරියා. ඔයාගේ ආදරය හුගාක් හොදින් බලා ගන්න. දුකක් දෙන්න එපා කවදාවත්ම. මන් මේවා කියන්න ඕන නෑනේ ඔයා ඒවා හොදටම දන්වනේ. මට කියන්න ඕන උන වැදගත්ම දේ මම කිව්වා. එහෙනම් හුගාක් සතුටින් ඉන්න හැමදාමත්ම..

ඔයාට වෙනදා  වගේ රෑ 12 පහු උන ගමන්ම සුබපැතීම කරන්නේ නෑ මන්. එත්, ඔයාට සුබම සුබ උපන්දිනයක් සහ ඔයාගෙම සියලුම ප්‍රාර්ථනා ඉෂ්ටවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…!!!


මෙගේ නොවූ හිරු, මේ ඔයාට ලියන ප්‍රථම සහ අවසාන ලියුමයි. හැමදේකටම දැන් මම කොමාවක් නෙවෙයි නැවතීමේ තිතක්ම තිබ්බා......

මිට,
ඔයාගේ අතීතයෙන් මාසයක්....;)


 මෙන්න මගේ අවසන් උපන්දින තෑග්ග.....;)
.
.
.
.
.
.
.
.
.
.
.
.
 .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
 



ප.ලි : මේක කියවන මගේ යාළුවො හිතුවට කමක් නෑ මට පිස්සු කියලා. මොකද හිරු හිරුටම අද ලියුමක් ලිව්වා...;) එත් මේක හිරු හිරුටම ලියපු දෙයක්ද කියලා තීරණය කිරීම ඔයාලටම බාරයි.

 ප.ප.ලි:  හිතට  හුගක්ම වද දීපු මේ කාල පරිච්චේදයෙන් මන් සදහටම ඇත් වෙන්න හිතාගෙන මේක ලියලා ඉවරයක් කළා... ඔන්න මට මේක ලිව්වට බනින මගේ යාලුවෝ බනින්න, මගේ පොස්ට් එක කියවන්න එන්නේ නෑ කියපු අයට ඔන්න කිව්වා මන් ආපහු දුකින් කිසි දෙයක් ලියන්නේ නෑ හොදේ... ලිව්වත් ලියන්නේ හිනා වෙලා..... ඒ වගේම කියන්න ඕනේ මේ පොස්ට් එකේ වැරදීමක් තිබ්බොත් සමාවෙන්න මොකද මට මේක ලියලා කියවන්න තරම්වත් කිසිම හිතක් නෑ... :(

මෙයා අඩුවට මන් හිනා වෙලා ඉන්නේ හොදේ..:)