Monday, July 9, 2012

හැමදාමත් ලගින්ම ඉන්නවා නේද..?

විබාගත් ලග ලගම එනවා..:'( බ්ලොග් එකක් තියනවද නැද්ද කියලා අමතක වෙලා.මේ මාසේ අන්තිම වෙනකන් ඔලුව උස්සන්න බැරි තරම් වැඩ ගොඩක් පිරිලා.මේ මාසෙට පොස්ට් එකක් නොදැම්මොත් හරි නැ කියලා හිතුන නිසා මේ පහුගිය දවසක පිස්සු තද වුන වෙලාවක ගලපපු වචන ටිකක් දාලා යන්න හිතුනා.මේක මගේ බුකියේ දාලා තිබුනා හැබැයි...මේක කියෙව්වාම හිතේවි හිරුගේ ඔලුව කොහේ හරි වැදිලා කියලා. ඇත්තටම ඔව් අලි පොත් කන්දක ඔලුව වැදිලා ඉන්නේ මේ දවස් වල...;)





මගේ පුංචිම පුංචි වලස් පැන්චෝ
ඔයා තමා මගේ හොදම යාලුවා
දුක හිතුනම බදාගෙන අඩන්නයි
සතුටු හිතුනම බදාගෙන හිනා වෙන්නයි
මන් අඩනකොට ඔයාට කතා කරන්න බැරි උනත්
ඔය පුංචිම පුංචි ඇස් වලින් අඩන්න එපා කියලා කියන්නයි
හිනාවෙලා ඉන්නකොට ඔය පුංචි ඇස් පුරෝලා
ආදරේ පෙන්නනවා බලන් ඉන්න මන් හුගක් ආසයි
මගේ පිස්සු කතා අහන් ඉන්න
මේ ලෝකේ කවුරු අකමැති උනත්
ඔයා මන් ලගින් ඉදන් හැමදාම ඒ කතා අහන් ඉන්නවා
ඔයා හොදටම දන්නවා මේ පුංචි පිස්සු හිත ගැන
මේ ලෝකේ කවුරු මාත් එක්ක තරහ උනත්
ඔයා කවදාවත් තරහ නොවී ඉන්නවා
මට ඉන්නෙත් ඔයා විතරයි වගේම
ඔයාට ඉන්නෙත් මන් විතරනේ
මේ පුංචි හිත පුරාම
ලොකු ආදරයක් තියනවා
හැමදාමත් ඔයා ගැන
මේ ඉන්නවා වගේම
හැමදාමත් ඉන්නවා නේද මන් ලගින්ම..?
 .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

 මෙන්න මේ වලස් බබාව දැක්ක වෙලේ ඉදන් හිරුට මොනවද වෙලා....







ප.ලි  : මම බ්ලොග් ලියන එක අඩු උනත් හැමෝගෙම පොස්ට් කියවන්න අනිවාර්යෙන්ම ඉක්මන්ටම එනවා යාලුවනේ. අනේ හැමෝම සමාවෙන්න....:(

ප.ප.ලි.: හුගක් වෙලාවට විභාගෙන් පස්සේ පොස්ට් එකක් ලියනකොට මගේ බ්ලොග් එක හුගක් වෙනස් වෙලා තියේවි හොදේ....