Monday, March 12, 2012

අහිමි වීමක්ද.../ රැවටීමක්ද.......????????????





ජීවිතය යයි කියා සිතු දේ එක නිමේෂයකින්
රැවටිල්ලක් බව පසක් ඌ පසුවත්
ඔබ හට තවමත් පෙම් කරනු මිස වෛර නොකරමි කිසිදා....
ජිවිතයම බලෙන් ගෙන කොහේදෝ මන්දා අතරමන් කර
වෙනකෙකු වෙත ගියද මා සිතේ නැත කිසිදු තරහක්
මා ඉදිරියේ වෙන කෙනෙකු හා දොඩමළුව
තවතවත් මා හදම රිදවනුයේ කුමකට..?
මා ඔබ හට කල වරද කීම...?
මුළු හදින්ම ආදරය කිරීම පමණද?
ඔබ වෙනුවෙන් හඩා ඵලක් නැති මුත්
මගේ ජිවිතය වෙනුවෙන් සදාතනික හැඩීමක්
උරුම කලේ ඇයි ඔබ...
අරුත්සුන් උවත් මේ ජීවිතය..
ඔබ නිසා කෙසේ අතහැර යම්ද................

ප. ලි. : ඔන්න යාලුවනේ මම කවි, නිසදැස් ලියන්න නම් දන්නේ නෑ ඇත්තටම....:) එත් පහුගිය ටිකේ විභාගයට පාඩම් කරද්දී හිතට ආපුව ඔහේ කටු ගාල දැම්මා කොලවල...මේ ඒවායින් උපුටා ගත්තු දෙයක් තමයි..කාගෙවත් හිතක් මේ සිතුවිලි නිසා නොරිදේවා කියල හිතනවා [කාටද කිව්වේ කියලා දන්නෝ දනිතිලූ...;) ] 
වැරද්දක් ඇතොත් සමාවෙලා පෙන්නලා දෙන්න කියලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා....

Sunday, March 11, 2012

අවසරයි ඉතින් මට....!!!


ඔන්න යාලුවනේ ඔයාලා හැමෝම හුගාක් සාදරයෙන් පිලිගන්නවා..!!!

 




බ්ලොග් එක  හදල ගොඩක් කල් උනත් පොස්ටුවක් පළ නොකරන්න හුගාක් හේතු එක දිගටම ආපු නිසා
හැමදාම ඒ අදහස අත්හැරියා විභාගය, අසනීප, ප්‍රශ්න ඔක්කොම එකටම ආපු නිසා සැහෙන්න පීඩනයකින් අද හවස 4 වෙනකන් කාලය ගෙවාගත්තේ හුගාක් අමාරුවෙන්. විභාගය ඉවර වෙලා විභාග ශාලාවෙන් එලියට එනකොට ජීවිතේ හුග කාලෙකින් දැනුනේ නැති සතුටක් මට අද දැනුනා .... නැති උන දේවල් ගැන හිතන එක  පැත්තකින් තියලා හිතේ හුගක් ප්‍රශ්න හිර කරන් අඩන්නේ නැතුව ජිවිතේ ඉස්සරහට යන්න තියන මාර්ගේ නැති කරගන්න සැහෙන්න ලොකු පීඩනයක් එක්ක මාසයයි දවස් 10 ක්  තිස්සේ අතීත මතකයන් එක්ක ලොකු සටනක් දීලා කොහොම හරි විභාගය ගොඩ යන්න, විභාගය ලියාගන්න පුළුවන් උන එකම  ලොකු දෙයක් මට. අදින් පස්සේ අඩන්න ඕන වෙලාවට අඩනත්මතකයන් එක්ක තනි වෙන්න ඕන වේලවාවට ඒ මතකයන් එක්ක තනිවෙලා නිදහසේ ඉන්නත්  මට ලැබුනා.... මගේ ඉතිරි ප්‍රශ්න කාලය විසදයි... එතකන් මම මග බලන් ඉන්නවා...

බ්ලොග් එක  ලියන්නේ නැතුව එහෙම්මම වහලා දන්නා හිතන් උන්නත් අද මට මාව කවදාවත් අදුනනේ නැති යාලුවෝ ගොඩක් හම්බ වෙලා  බ්ලොග් එක ලියනත් කලින් ඉතින් මම මේක වහලා දැම්මොත් එයාලා මන් ගැන තියපු බලාපොරොත්තුව කඩකරන නිසා ඔන්න අද ඉදන් මම වැඩ පට්ටං.... ගන්නවා හොදේ.....:D මම අලුතෙන් ලියන නිසා මගේ ලියන ඒවායේ හුගක් වැරදි, අඩුපාඩු ඇති. ඒවා හදාගන්න මගේ යාලුවෝ මට උදවු කරයි  කියල හිතනවා...:)

විශේෂයෙන්ම මගේ බ්ලොග් එක  තිබ්බ ප්‍රශ්නය විසදගන්න හුගක් උදවු කරපු සිතුම් පැතුම් මල්ලියාටත්, මම බ්ලොග් එක ලියනකන් බලන් හිටපු සිහින මතකයන් මල්ලියාටත්බට්ට  මල්ලියා ඇතුළු මගේ බ්ලොග් එකේ පොස්ට් එකක් දානකන් දැස දල්වා බලා සිටිය මගේ බ්ලොග් යාලුවෝ හැමෝටමත් හුගාක්....ස්තුතියි......!!!!


මේක මගේ බ්ලොග් යාලුවෝ හැමෝටම මගේ සතුට  වෙනුවෙන්....