Tuesday, May 22, 2012

ආසයි මටත්.....






තරු මුමුණන රහසක් අතර රහසක් වෙන්න
සදුගේ ආඩම්බරකාර සිතුවිලි අතර සිතුවිල්ලක් වෙන්න
වලාකුළු මුමුණන ගීතයක පදවැලක් වෙන්න
හැකි නම් මටත් ඒ අහස වෙත ලං වෙන්න


නුබේ දගකාර කතා වල වචන පොකුරක් වෙන්න   
හැඩකාර සිනා වල සිනා පොදක් වෙන්න
වරක්වත් ඒ සොදුරු හඩ අහන්න
ආසයි අදත් නුබේ රුව දකින්න…



හදවත මෙන් අහස හඬන හඬ අහන්න
කදුළු බින්දු මෙන් වැහි බිදු වලින් තෙමෙන්න
අනෝරා වැසි වැටි දුක සෝදා හරින්න
ආසයි මටත් තනිව හිද හඩන්නට…


ආදරයට හදවතින්ම ආදරය කරන්න
හුදකලාවේ තනි වෙන්නට
සිතුවිලි අතර කිමිදෙන්නට
ආසයි මාත් තනි වෙන්නට...


තනිව හිද නුබේ සුසුම්ලන්න
ඇසට උනන කදුලැල් නිදහසේ ගලන්නට
මතක පොදී අතර අතරමන් වන්නට
අනේ මටත් ආසයි නිදහසේ තනි වෙන්නට...


ආසාවන් පසු පසින් දුවමින්
මිරිගුවට නොරැවෙටිමින්
මිදෙනම් ඒ සොදුරු හීනයෙන්
ජීවිතය යතාර්ථයක් නියාවෙන්..






Monday, May 14, 2012

ස්තුතිය සහ ආදරය






 
විභාග, ප්‍රශ්න ඔක්කොම පැත්තකින් තියලා බ්ලොග් එක පැත්තට ඇවිත් යන්න ආවා මුලින්ම කරන්න ඕන යුතුකම් ඉෂ්ට කිරීමක් තියන නිසා. ඇත්තටම බුකියයි බ්ලොග් එකයි මම අත ඇරලයි මෙතනින් යන්න ගියේ. ආපහු මේ පැත්තෙවත් එන්නේ නෑ කියල හිතාගෙන. මගේ ඉවසීමේ සීමාව පැනල තිබුන නිසා එවෙලේ මට එහෙම කරන්න උනා. මම බ්ලොග් කියවන්න පටන් අරන් අවුරුදු 3 ක් විතර උනත් කවදාවත් හිතලා තිබුනේ නෑ මාත් බ්ලොග් එකක් පටන් ගන්න ඕන කියලා. ඒත් ජිවිතේ සිද්ද වුනු හුඟක් දේවල් එක්ක මගේ හිත හදා ගන්න එක විදියක් විදියට මාව මෙතෙන්ට ඉබේම ඇදිලා ආවා. ඉතින් මම මගේ ජිවිතේ උන, මම ආදරය කරපු කෙනාගේ නම දාලා මගේ බ්ලොග් එක පටන් ගත්තේ මට එයා නැති උනත් මගේ ආදරේ වෙනුවෙන් මට මේකවත් ඇස් ඉදිරිපිට පේන්න තියනවනේ කියලා. ඒක නිසා මම මගේ ජිවිතේ අලුත් විදියට පටන් ගත්තා. එක පාරට කෙනෙක්ට වෙනස් වෙන්න බැරි උනත් මම පොඩ්ඩ පොඩ්ඩ වැටුන තැනින් නැගිට්ටා. බ්ලොග් එකයි මුණු පොතයි පටන් අරන් ටික දවසකින් "හිරු" කියන නම නිසා ප්‍රශ්න ආවම තමා මට තේරුනේ මෙතනදීත් ජිවිතේ කියන යුද්දෙදි වගේ කියලා. මට එවෙලේ ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ උනා. ඒත් ඒ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් හොඳම උත්තරේ මම එවෙලේ දුන්නා. ඉවසන්න ඕන තරමට ඉවසන් හිටියා. එවෙලේ මාත් එක්ක මම බ්ලොග් ලියන්න පටන් ගන්නකොට හිටිය මල්ලිලා නංගිලා හිටියා. මං බ්ලොග් ලියන්න ආවට මෙතන ඉන්න ටික දෙනාවයි ඇත්ත ජීවිතේදී අදුරන්නේ. ඒ අදුරන අයවත් දන්නේ නෑ මම බ්ලොග් එකක් ලියනවා කියලා හැබැයි.

ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා, වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා කියනවා වගේ මගේ ඉවසීමේ සීමාවට තිත තියන්න උනා මට අන්තිමේදී. මම ඒ ඔක්කොටම තිත තියලා එදා ආපහු මේ පැත්තෙවත් එන්නේ නෑ කියලා හිතාගෙන යන්න ගියේ හිත බලෙන් රිද්දව ගන්න ඕන නෑ කියලා හිතලයි. එත් හිරු කියන්නේ බ්ලොග් එකක් නිසා මානසිකව වැටිලා සියදිවි හානි කර ගන්න තරම් පිස්සියෙක් නෙවෙයි. හිරුට පිස්සු කියලා හිරු දන්නවා. එත් එයා වැටෙන කෙනෙක් උනා නම් මෙලහට වැටිලා මැරිලා මැරිච්ච තැන වල ගසුත් පැලවෙලා ඇති. ඒ සිද්දිය උන වෙලාවේ මම සද්ද නැතුව එතනින් ආවේ මාත් එක්ක වචනයක් හරි කතා කරපු හැමෝටම මතක් උන විදියට මම යනවා කියාගෙන. ඒ අතරින් මට හදිස්සිය නිසා යනවා කියලා කියන්න අමතක උන කට්ටියකුත් හිටියා එයාලාගෙන් සමාව ඉල්ලනනවා එවෙලේ මට කියලා යන්න බැරි උන එක ගැන. මුණු පොත අයින් කරාට පස්සේ තමා මතක් උනේ මෙයාලට කිව්වේ නෑ නේද කියලා. ඉතින් ආපහු එන්න නෙමෙයිනේ මම ගියේ. ගිහින් ඉවර නිසා හිත හදන් හිටියා. කවුරු මොනවා කිව්වත් මගේ ඇගේ වදින්නේ නැති නිසා. මට කවදාවත් කාත් එක්කවත් රන්ඩු වෙන්න ඕනෙ නෑ. කවදාවත් තරහකාරයෙක්වත් ඉදලා නෑ. ඉන්නෙත් නෑ. කවුරු මොනවා කිව්වත් මගේ හිතේ කිසිම තරහක් නෑ කවදාවත්ම.

කවදාවත් දැකලා නැති යාලුවෝ ගොඩක් මං වටේ ඉන්නවා කියල මට දැනුනම ඇත්තටම හුගක් සතුටු හිතුනා. ඒ සතුට වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මම හිතට එකග නැති වැරදි දෙයක් වෙනුවෙන් මගේ වටේ කවුරු හිටියත් මට ඒකෙන් වැඩක් නෑ. ඒත් මට ආපු ප්‍රශ්නේ සාදාරන අසාධාරනකම එක එක්කෙනාගේ හිතන විදිය අනුව වෙනස් වෙනවා කියලා මම හොදටම දන්නවා. කවුරුවත් මොනවා කිව්වත් මම ඒ කිසිම දේකට කිසිම තරහක් නෑ කවදාවත්ම. කවුරු උනත් මට හැදෙන්න දෙයක් කිව්වොත් ඒක මම හුගක් සතුටින් බාර ගන්නවා. මම කැමති කවුරු හරි මගේ වැරද්දක් තියනවා නම් ඇගිල්ල දික්කරලා මේක වැරද්දක්, මෙතන වැරද්දක් කරලා තියෙන්නේ කියලා පෙන්නලා දෙනවට.

ඉතින් මගේ ආදරණිය යාලුවනේ, මගේ ආදරේ ගැන නම් මම මෙතන ලියන්නේ නෑ මොකද ඒ ගැන කතා කරලා කාගෙවත් හිතක් වචනෙකින් හරි රිද්දන්න මට බෑ. ඒ වගේම ඒක ගැන කියලා කවුරුවත් හිතන්න විදියෙ අනුකම්පාවක් ලබාගන්නත් මට කවදාවත්ම ඕන නැති නිසා. :) ඒක ගැන දන්න අය හොදටම දන්නවා ඇති. මට බැන්න අය හිතේ තරහකට බැන්නෙ නෑ කියලත් මම දන්නවා. අයියෝ මෙච්චර දිග හෑල්ලක් ලිව්වත් මම තාම කරන්න ඕන ස්තූතිය කරේ නෑනේ... :O ඔන්න එහෙනම් මගෙත් එක්ක වචනෙකින් හරි හිටපු හැමෝටමයි, නොහිටපු හැමෝටමයි හුඟක් ස්තූතියි, පින් සිද්ද වෙනවා.

මෙතන නම් වලින් මතක් කරන්න ගිහින් මට කාගෙවත් හිතක් වචනෙකින්වත්ම රිද්දන්න ඕන නැති නිසා ඔන්න මම ඒක කරලා අමාරුවෙ වැටෙන්නේ නෑ. මගේ යාලුවෝ, නංගිලා, මල්ලිලා, අයියලා, අක්කලා හැමෝටම හුගක් ස්තූතියි. ඒ ස්තුතිය කියන්න මං ලඟ වචන නෑ. ඔයාලගෙ වචන නිසා හිරු ඔන්න ආපහු ආවා. ඒ ආවෙ නම් ආපහු ඔයාලගෙ වචන වලට වටිනාකමක් තියන්නයි. ඔන්න පන තියනකන් පුලු පුළුවන් විදියට මම බ්ලොග් එක ලාවට ඇදන් යන්නම් හොඳේ. දෙහි කපන අය මට ඕන තරම් දෙහි කපන්න.. :D





ප. ලි: මුණු පොතේ තිබුන දෙයක් දැකලා පෝස්ට් එකක් දාපු දේවා යාලුවාගෙ කිසිම වැරද්දක් නැති බව කියන්නත් ඕන. මගේ වැරද්දක් අත්නම් ඒක මටම කියන්න කියලත් මං නිසා මම නැති තැන කතා කරන්න ගියපු කාටවත්ම වචනෙකින්වත්  දොස් කියන්න එපා කියලත් හැමෝගෙන්ම ආදරෙයෙන් ඉල්ලනවා..

.ප.ලි: පොස්ට් එක ලියලා දවස් 2 ක් උනත් එක පබ්ලිෂ් නොකර හිටියේ බ්ලොග් ලෝකේ හැමෝම හුගක් ආදරය කරන අපේ ඔබා මාමා අපි නොහිතන වෙලවක අපිව අතරලා ගිහින් කියන වචනේ අහපු වෙලේ ඉදන් හදවතේ ඇති උන වේදනාව එච්චරට දැනුන නිසා. මම ජිවිතේ කවදාවත් වචනයක්වත් ඔබ මාමා එක්ක කතා නොකරලා තිබුනත් ඒ චරිතෙට හුගක් ගරු කළා.මරණය කියන දේ කාටත් පොදු උනත් ලග ඉන්න කෙනෙක්ගේ වෙන්වීම දරාගන්න හදවතට ටිකක් අමාරුයි. මාමේ උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!