Tuesday, September 18, 2012

අහිංසක පැතුමක්





ගෙවී යන හැම නිමේෂයකම
සිත තුටින් සැනහෙන විට
ඔබ හැගුම් අතර සැරිසරණ සිතුවිලි
නිරතුරු සොයයි ඔබ සෙනෙහසම....

දිලෙන නෙතු දිහා කල්පයක් වුව බලා ඉන්නට
හුරතල් වදන් අතර හුරතල් වන්නට
දගකාර සිනා අතර තනිවෙන්නට
ඔය උණුසුමේ දැවටෙන්නට
හද සොයයි නුබම නිරතුරු.......

අවිහිංසක මුව පොව්වෙකුගෙන් සේ
නොමදව ලැබෙන මහමෙරක් තරම් ආදරය
දෝතින්ම තුරුළු කරන් 
නුබ ලගම හිදින්නම්  
දිවි ඇති තුරාවටම ඔබ නමින්....