Tuesday, September 18, 2012

අහිංසක පැතුමක්





ගෙවී යන හැම නිමේෂයකම
සිත තුටින් සැනහෙන විට
ඔබ හැගුම් අතර සැරිසරණ සිතුවිලි
නිරතුරු සොයයි ඔබ සෙනෙහසම....

දිලෙන නෙතු දිහා කල්පයක් වුව බලා ඉන්නට
හුරතල් වදන් අතර හුරතල් වන්නට
දගකාර සිනා අතර තනිවෙන්නට
ඔය උණුසුමේ දැවටෙන්නට
හද සොයයි නුබම නිරතුරු.......

අවිහිංසක මුව පොව්වෙකුගෙන් සේ
නොමදව ලැබෙන මහමෙරක් තරම් ආදරය
දෝතින්ම තුරුළු කරන් 
නුබ ලගම හිදින්නම්  
දිවි ඇති තුරාවටම ඔබ නමින්....



32 comments:

  1. හ්ම්ම්ම් ඇත්තටම අහිංසක පැතුමක්ම තමයි... ලස්සනයි අක්කා... අන්තිම කවිය හරිම ලස්සනයි!!!

    ReplyDelete
  2. ඒ පැතුම එලෙසම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියෝ..

    ReplyDelete
  3. සෙනෙහස , ආදරය උතුරන පදවැල් . ලස්සනයි හිරු . ඔයාගේ පැතුම ඒ ලෙසටම ඉටු වේවා!

    ReplyDelete
  4. lassanai yalu oyage kaviya harima lassanayi

    ReplyDelete
  5. වචනයක් වචනයක් ගානේ අහිංසකයි......

    කියනකොට ඔහොම තමා ඉතින් .. එකට ඉන්දෙද්දිනේ තේරෙන්නේ :D

    ReplyDelete
  6. කියන්නේ නම් ඔහොම තමා.ඒ උනාට දාලා යන කම් දන්නෙත් නෑ.ඒ උනාට ලස්සනයි.

    ReplyDelete
  7. දිලෙන නෙතු දිහා කල්පයක් වුව බලා ඉන්නට
    හුරතල් වදන් අතර හුරතල් වන්නට
    දගකාර සිනා අතර තනිවෙන්නට
    ඔය උණුසුමේ දැවටෙන්නට
    හද සොයයි නුබම නිරතුරු.......

    අලේ මන්ද අලේ...

    ReplyDelete
  8. කවි ටික ටික ලස්සනයි අක්කා.. අර අකුරු වල පොඩි පොඩි වැරදි හදාගන්න පුලුවන්නම් හොඳයි.. "ඹ" "ඟ" වගේ අකුරු එන්න ඕන තැන් වල ඒව නෑ වගෙයි.. :)

    ReplyDelete
  9. හ්ම්ම්..ලස්සනයි යාලු :)

    ReplyDelete
  10. අවිහින්සක පැතුමෙ පැතුම් මල් පිපිදෙවා

    ReplyDelete
  11. මල්සරා හදවත මැද්දටම විදලද කොහෙද :D

    ReplyDelete
  12. ඇඩෙනවා ඈ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. කවි පෙල ලස්සනයි..

    ReplyDelete
  14. පැතුම ලස්සනයි...
    එහෙනම් ඉතින් දිවිය පුරාම ලඟින් ඉන්ඩ බැරුව යෑ.. !!

    ReplyDelete
  15. හලේ.... ඉක්මනින්ම දැවටෙන්න ලැබේවා යනු මාගේ ඒකායන ප්‍රාර්ථනයයි! :D


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  16. ඒ පැතුම ඒ විදිහටම ඉටු වෙනවා ටෙලෝ අක්කේ !!!

    ReplyDelete
  17. ටෙඩී(හිරු) කාලෙකට පස්සේ අපූරු කවියක් ලියලා..

    ReplyDelete
  18. මොනා කරත් අක්කිය පරිස්සමිං.................................................

    ReplyDelete
  19. ගොඩාක් ලස්සනයි ප්‍රදී අක්කා....ඔයාගේ අහිංසක පැතුම් හැමදෙයක්ම ඉටුවෙලා ආදරයෙන් ජීවිතය ආලෝකමත් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හොදේ...

    ReplyDelete
  20. මුල්වතාවට ඇවිල්ල..ඔන්න මගෙන් සුභ පැතුමක්..!

    ReplyDelete
  21. අක්කියෝ මං කාලෙකින් ආවේ. අක්කිට ඒ ටිකට වෙලා තියෙන දේවල්.. : P අක්කිගේ අහින්සක ප්‍රාර්ථනා ඒ විදියටම ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කියෝ..

    ReplyDelete
  22. ලස්සන ප්‍රාර්ථනාවක්.. හිතේ තියන විධියටත් වඩා හොදට ඉෂ්ට වෙන්න ප්‍රර්ථනා කරන්නම්කො...

    ReplyDelete
  23. හොදයි , හොදටම හොදයි, නියමෙට ලියවීලා තියනවා

    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. ඔබගේ අවිහිංසක පැතුම ඉටුවෙන්න කියලා මම පතනවා
    කෝරලේ වලව්ව

    ReplyDelete