Wednesday, August 1, 2012

වෙනසක් සමග අයිස් යුගයක අවසානය





ඔන්න යාලුවනේ මාස 2 කට පස්සේ දැන් තමා පොඩ්ඩක් නිදහසේ හුස්ම ගන්නේ... විභාගේ ඉවරායි.... දැන් ඉතින් පොඩි පොඩි වැඩ වගයක් තියනවා ඒවා හිමිට ඉවර කරනවා.. දැන් ඉතින් මේකේ මන් මේ මාස 2 ක් තිස්සේ බලන් හිටපු වෙනසට කාලයයි. මුලින්ම මන් ඔයාලා හැමෝම මගේ ටෙඩිගේ ලෝකයට හුගක් ආදරයෙන් පිලිගන්නවා..... නම බොලද ඇති එත් අපි ජිවිතේ හුගක් ආස දේවලට කොහෙන් හරි තැනක් දෙන්න කැමැත්තක් තියන නිසා මන් මගේ බ්ලොග් එක සම්පුර්ණයෙන්ම වෙනස් කළා. නමේ ඉදන් තීම් එකයි ඉන්ටෙෆෙස් එකයි ඔක්කොම. හිරු කියන නම සැහෙන්න ලොකු දෙයක් කළා මගේ ජිවිතේ ඒ නම නිසා හුගක් කතා ඇහුවා. දැන් ඒ සම්පුර්ණ කතාවටම තිතක් තියනවා. අපි ඉපදුනොත් මැරෙනවානේ කවදා හරි ඔන්න ඉතින් හිරු කියන නමත් අද කළු කුහරයක් වෙලා යනවා. මේක කොහෙන් හරි ඉවරටම ඉවරයක් කරන්න මන් සැහෙන්න බලන් හිටියා.අද එකට නියම කාලය. හිරු නමින් ආපහු කවදාවත්ම මන් බ්ලොග් පොස්ට් ලියන්න කියවන්න එන්නේ නෑ යාලුවනේ... මිට පස්සේ මම ප්‍රදී කියන නමින් ඉන්නේ හොදේ.. මගේ අතින් කාටවත්ම නොදැන හෝ වැරද්දක් උනා නම් මන් සමාව ඉල්ලනවා මගේ යාලුවෝ හැමෝගෙන්ම...

මේක අස්සෙම මම අපේ අයිස් යුගයේ අවසානය ගැන කියලම යන්නම්කො...මේ පොස්ට් ලියලා ටික දවසක් උනත් ඔන්න අද එකත් මේ ගමන්ම කියාගෙන යන්නම් හොදේ....:)

අම්මියෝ සැහෙන්න කාලෙකින් මුකුත් ලියන්න බැරි උනානේ ඔන්න ඔහේ මොනවා හරි කොටලා දානවා කියලා හිත හිත ඉන්නකොට මේ ලගදි මල්ලි අයිස් ඒජ් ෆිල්ම් එකේ අලුත්ම කොටස ඇවිත් කියලා මට කිව්වේ... අපි තුන්දෙනා ඉතින් එකතු වෙලා ට්‍රේලර් එකත් බලලා පොඩි චැටක් දැම්මා පරණ සිද්දි ගැන මතක් කර කර එතකොට තමා මතක් උනේ අපේ අයිස් යුගය ගැන.අපේ අයිස් යුගය කියන්නේ අපි පොඩි කාලේදී තිබ්බා වතුර යුගය, අයිස් යුගය කියලා අපිම හදාගත්තු පිස්සු යුග ටිකක්. ඔන්න ඉතින් මන් කියන්න යන්නේ අපේ අයිස් යුගයේ සිද්ධ වෙච්ච සිදුවීමක්. මේක කියවලා ප්‍රදීගේ පිස්සු ඔලුව ගැන හිතා ගන්නකො.මේ සිද්දිය සිද්ද උනේ මම ඉස්කෝලේ 8 වසරේ විතර ඉදිද්දී. ඒ කාලේ අදට වඩා මේ ප්‍රදී දග මල්ලක්. දැන් නම් සැහෙන්න තැන්පත් ළමයෙක්නේ...;)

කොච්චර පිස්සු වැඩ කලත් මේ ෆිල්ම් එකේ ආසම චරිතේ මේකාත් මන් වගේම කොමිටල් නිසාද මන්දා..:D

මොකක් හරි ඡන්දයක් නිසා අපි හැමෝටම සැහෙන්න දිග නිවාඩුවක් ලැබුනා. අපේ අයියා නැන්දා එක්ක ගමේ ගිහින්. අපි තුන්දෙනා විතරයි සැහෙන්න කම්මැලිකමේ ගෙදර හිටියේ.ඉතින් නිවාඩුයි කියලා අපිට හැමදාම ගෙදර ඉන්න බැනේ කොහේ හරි රවුමක් දාල එමු කියලා කිය කිය හිටියා එත් අපිට තනියම කොහෙවත් යන්න දෙන්නේ නැනේ...:( 

ඔහොම ඉන්නකොට ඔන්න ඉතින් අපේ එක මාමා කෙනෙක්ගේ දුවෙක් කොළබ වැඩ කරන නිසා එයාට ඡන්දේ නිවාඩුවට හොස්ටල් ඉන්න කම්මැලිකමට අපේ ගෙදර ආවා. දැන් අපිටත් කම්මැලිකම ටිකක් අඩු උනා ඒක නිසා නැත්නම් පොඩි නිවාඩුවක් හම්බුනාම පිස්සුවක් නැටුවේ නැත්නම් ඒක අපිට කෑවෙ නෑ වගේනේ. දැන් අපි 4 දෙනා එකතු වෙලා ප්ලැනක් ගැහුවා කොහොම හරි අපේ අනිත් සෙට් එක එක්ක එකතු වෙලා පිස්සුවක් නටන්න. ඉතින් ඔන්න මන් අක්කට කිව්වා ඔයා අහන්න අක්කේ අපි තුන්දෙනා එක්ක අපේ ගෙදරට ටිකක් දුරින් ඉන්න ලොකු තාත්තලාගේ ගෙදර යන්නද කියලා ඉහල උසාවියෙන් විමසීමක් කරන්න. ඉහල උසාවියෙන් ඒකමතික අවසර ලැබුන නිසා අපිත් මිටිංහල කුරුල්ලන් මෙන් බස් එකේ නැගලා ලොකු තාත්තලාගේ ගෙදර පියාබලා ගියා. ඊට පස්සේ ඉතින් ඔන්න අපේ 4 දෙනාගේ සෙට් එකට තව 3 ක් සෙට් උනා. ලොකු තාත්තලාගේ ගෙදර අක්කයි, අයියයි, මල්ලියි. දැන් ඉතින් ඔක්කොම හතයි. දැන් ඉතින් අපි ඉවක්බවක් නැතුව සෙල්ලම් කළා දවසෙම, කාඩ් ගැහුවා, ක්‍රිකට්, බැඩ්මින්ටන් ගැහුවා, ඔය එක එක විකාර සෙල්ලම් කළා. කොහොම හරි අපි එක දවසින් ගෙදර එනවා කියලා පොරොන්දු වෙලා ආපු එක තාත්තට කෝල් කරලා දවස් දෙකකට දීර්ඝ කර ගත්තා. අම්මා ඉතින් අපේ තියන දැගලිල්ල දන්නා නිසා අකමැති උනත් තාත්තා අවසර දුන්න නිසා අම්මත් කමක් නෑ කියලා හිටියා. 

ඔන්න ඉතින් ඊට පස්සෙන්දා තමා මහා සංග්‍රාමය ඇරබුනේ. මාමගේ දුවට එදා හදිසියේම යන්න ඕන කියලා හොස්ටල් ගියා. අපි තුන්දෙනා රැ වෙලා තාත්තා එක්කන් යන්න එනවා කිව්වා නිසා අපි නැවතුනා. එදා ඡන්දේ දවස නිසා ලොකු අම්මයි, ලොකු තාත්තයි, ලොකු තාත්තලාගේ ගෙදර අක්කටයි ඡන්දේ තිබ්බා.අක්කගේ මුල්ම ඡන්දේ කොහෙද. කට්ටිය ඡන්දේ දාන්න යන්න ගියා. ලොකු තාත්තලාගේ දුවත් අපි ඉන්න නිසා නොයා ඉනත් හදලා පලවෙනි ඡන්දේ නිසා ආසාවට ජන්දේ දාල එන්න ගියා. ඡන්දේ දාන තැන තිබ්බේ ගෙදරට ටිකක් දුරින්. 

අපි පොඩි අය ටික විතරයි ගෙදර ඉතුරු උනේ ඔන්න එතනින්  තමා අපි අයිස් යුගයට ගියා. අපේ අයිස් යුගය කියන්නේ ඉතින් අයිස් කැට අරන් ගහ ගන්න එක.. :D ඔන්න ඉතින් මහා අයිස් සංග්‍රාමය පටන් ගත්තා. අපි පස් දෙනා පිල් දෙකකට බෙදිලා මිදුලට වෙලා දුව දුව අයිස් වලින් ගහගත්තා. මිදුලේ ගහ ගත්තු එක ටික වෙලාවකින් ගේ ඇතුල දක්වාම ගමන් කළා. ගේ ඇතුලේ වැඩි වෙලා සෙල්ලම් කරන්න උනේ නෑ අපේ ලොකු මල්ලි අයිස් කැටයක් පෑගිලා ටයිල් එකේ ලිස්සලා ගිහින් මුණ මේස කකුලක වද්දගත්තා. එයාව අපි එකතු වෙලා නැගිට්ටනකොට මෙන්න නහයෙන් ලේ වැක්කෙරෙන්න ගත්තා. දැන් සාලේ පුරාම ලේ. අපිට හිතා ගන්න බැරි උනා මොකද කරන්නේ කියලා. අපි ඔක්කොම එයා දිහා බය වෙලා බලන් ඉන්නවා. මට ඉක්මනටම මතක් උනා ලේ තුවාල උනාම අයිස් තියනවා නේද කියලා ඊටපස්සේ ඉක්මනටම අයිස් ටිකක් පොලිතින් බැග් එකක දාලා නහයට තියලා අල්ලන් හිටියා. ඊට පස්සේ ලොකු තාත්තලාගේ ගෙදර අයියා දුවල ගිහන් ත්‍රිවිල් එකක් අඩගහගෙන ආවා. අපි දෙන්න අපේ පොඩි මල්ලිටයි, ලොකු තාත්තලාගේ ගෙදර මල්ලිටයි ගෙදර ඉන්න කියලා ලොකු මල්ලිව අරන් ජන්දේ දාන තැනට ගියා. අපිට තේරුණා එකම දේ එකනේ එවෙලේ ඉතින්.

ඊටපස්සේ ඉතින් ඔක්කොම එකතු වෙලා මල්ලිව හොස්පිටල් එක්කන් ගියා එතැනදී x - ray කරලා බලද්දී එතන තියන අස්ථිය ( Vomer bone එක) කැඩිලා කියලා කිව්වා බෙහෙතුත් දාගෙන ආපහු ලොකු තාත්තලාගේ ගෙදරටම ආවා. ගෙදර එනකොට අපේ අනිත් දෙන්න ලේ පල්ලම් යවන්න කියලා මුළු ගේම හෝදනවා වතුර හෝස් එකක් අරගෙන. ඊටපස්සේ ඉතින් ලොකු අම්මා තාත්තාට කෝල් එකක් දීලා විස්තරේ කියලා තාත්තා ඇවිත් අපිව එක්කන් ගියා බනිනේ නැතුව. එත් ගෙදර ගියාම ඉතින් අම්මගෙන් නම් මදි නොකියන්න අහ ගත්තා. අද වෙනකන් නහයේ ඒ කැළල එයාගේ තියනවා. අපි ඉතින් කවුරු හරි ඒ ගැන ඇහුවාම විහිලු කරනවා අදටත් බොක්සින් ගහන්න ගිහින් කියලා. බොක්සින් ගහන අයගේ නහයේ ඒ අස්ථිය කඩනවද, කැඩෙනවාලුද කොහෙදනේ. එදා ඉදන් අපේ සෙට් එක වැඩිහිටියෙක් නැතුව තනියම ගෙදර දාල ගියේ නෑ..:)  

දැන් නම් ඒවා මතක් වෙනකොටත් හිනා. ඔන්න ඔහොමයි අපේ අයිස් යුගය නිමා උනේ. ඒ කාලේ මතක් වෙද්දී කොච්චර සුන්දරද කියල හිතෙනවා. කාලය ගත වෙනවත් එක්කම....:(  කාලය මැව් වෙනසක අරුමේ කියන්නේ ඕකට තමා ඉතින්..:(



ප.ලි :
අයිස් යුගය ගැන කියද්දී ප්‍රදී කියන මහා පඩිතුමිය මහද්වීප ප්ලාවිතය හෙවත් ලෝකයේ අතීතයේදී එකට එකතු වෙලා තිබ්බ මහද්වීප, වෙන් වෙන් මහද්වීප වලට වෙන්වීමට හේතු වෙච්ච පුද්ගලයා ගැන ලොකු ප්‍රකාශයක් නිකුත් කළා එකත් මෙතනම කොටලා යන්නම් නැත්නම් හරි නැනේ...:D ;) මගේ හොදම යාළුවො මේ ගැන දන්නවා හොදේ. මේකත් අයිස් ඒජ් පලවෙනි කොටස නැරබීමෙන් පස්සේ මගේ මහා ප්‍රඥාවට වැටහුනා දෙයක් තමා. "මහද්වීප ප්ලාවිතය ඇති කරන්න හේතු සාධකය තමා ඔය පහල පින්තුරේ ඉන්න ලේනා.." :D :P එකට තිබ්බ මහද්වීප ටික වෙන් වෙන් මහද්වීප 7 කට වෙන්වීම ගැන කවුරු හරි තරහකින් ඉන්නවා නම් ඒ ලේනව අල්ලගෙන සැරට දෙකක් කියන්න හොදේ... මාත් මේ එයාව අල්ල ගන්න බලන් ඉන්නේ.. ඔන්න මන් කවුද කියන එක හොයලා දුන්නා. මාව ඕකට ගාව ගන්න  එපා මන් හරි අහිංසකයිමම කලේ ඇති කරපු කෙනා හොයලා දුන්න එක විතරයි හොදේ.... :)
                                                         .
                                                         .
                                                         .
                                                         .
                                                         .
                                                         .
                                                         .
                                                         .
                                                         .
                                                         .
                                                         .
මෙන්න මෙයා තමා වැරදිකාරයා ඔන්න...:




ප.ප.ලි : මම බ්ලොග් ලියන්න ආපු දවසේ ඉදන් උදවු කරපු, උඩ තියන බැනර් එක හදන්න උදවු කරපු පැතුම් මල්ලියෝ ඔයාට හුගක් ස්තුතියි හොදේ...:)