ජීවිතය යයි කියා සිතු දේ එක නිමේෂයකින්
රැවටිල්ලක් බව පසක් ඌ පසුවත්
ඔබ හට තවමත් පෙම් කරනු මිස වෛර නොකරමි කිසිදා....
ජිවිතයම බලෙන් ගෙන කොහේදෝ මන්දා අතරමන් කර
වෙනකෙකු වෙත ගියද මා සිතේ නැත කිසිදු තරහක්
මා ඉදිරියේ වෙන කෙනෙකු හා දොඩමළුව
තවතවත් මා හදම රිදවනුයේ කුමකට..?
මා ඔබ හට කල වරද කීම...?
මුළු හදින්ම ආදරය කිරීම පමණද?
ඔබ වෙනුවෙන් හඩා ඵලක් නැති මුත්
මගේ ජිවිතය වෙනුවෙන් සදාතනික හැඩීමක්
උරුම කලේ ඇයි ඔබ...
අරුත්සුන් උවත් මේ ජීවිතය..
ඔබ නිසා කෙසේ අතහැර යම්ද................
රැවටිල්ලක් බව පසක් ඌ පසුවත්
ඔබ හට තවමත් පෙම් කරනු මිස වෛර නොකරමි කිසිදා....
ජිවිතයම බලෙන් ගෙන කොහේදෝ මන්දා අතරමන් කර
වෙනකෙකු වෙත ගියද මා සිතේ නැත කිසිදු තරහක්
මා ඉදිරියේ වෙන කෙනෙකු හා දොඩමළුව
තවතවත් මා හදම රිදවනුයේ කුමකට..?
මා ඔබ හට කල වරද කීම...?
මුළු හදින්ම ආදරය කිරීම පමණද?
ඔබ වෙනුවෙන් හඩා ඵලක් නැති මුත්
මගේ ජිවිතය වෙනුවෙන් සදාතනික හැඩීමක්
උරුම කලේ ඇයි ඔබ...
අරුත්සුන් උවත් මේ ජීවිතය..
ඔබ නිසා කෙසේ අතහැර යම්ද................
ප. ලි. : ඔන්න යාලුවනේ මම කවි, නිසදැස් ලියන්න නම් දන්නේ නෑ ඇත්තටම....:) එත් පහුගිය ටිකේ විභාගයට පාඩම් කරද්දී හිතට ආපුව ඔහේ කටු ගාල දැම්මා කොලවල...මේ ඒවායින් උපුටා ගත්තු දෙයක් තමයි..කාගෙවත් හිතක් මේ සිතුවිලි නිසා නොරිදේවා කියල හිතනවා [කාටද කිව්වේ කියලා දන්නෝ දනිතිලූ...;) ]
වැරද්දක් ඇතොත් සමාවෙලා පෙන්නලා දෙන්න කියලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා....
තේරුමක් තියන නිසා, තාලයක් තියන නිසා, ලස්සන නිසා හොඳටම හොඳයි. දන්නෑ කියපු එකනං බොරු වගේ.
ReplyDeleteදන්නේ නෑ කිව්වේ ඇත්තටම තමයි මලේ...හිරු බොරු කියනේ නෑලු...:) හුගක් ස්තුතියි මගේ කටුගාපු වචන ටික නිසදැසක් කිව්වට...:)
Deleteඔය තියෙන්නෙ එළකිරියට......
ReplyDeleteහුගක් ස්තුතියි යාලු..:)
Deleteයන අයට යන්න දීල අපේ ගමන අපි යන්න ඕනි... නිසදැස ලස්සනයි
ReplyDeleteයන කෙනාට යන්නම දුන්නා ..මගේ ගමන මම යන්න තමා මේ හුගක් උත්සහ කරන්නේ.අයියේ.හුගක් ස්තුතියි පිස්සා අයියේ..:)
Deleteඅපි ආදරේ ඈයෝ අපිට ආදරේ නෑලු...අපිට ආදරේ ඈයෝන්ට අපි ආදරේ නෑලු.
ReplyDeleteකවි නිසඳැස් ලියන්න දන්නේ නෑ කීවට අපුරුවට ලියල තියෙන්නේ අක්කේ ඔය.
ඒක නම් සහතික ඇත්ත පැතුම් මල්ලියෝ...ආදරේ කියන්නේ පුදුමාකාර දෙයක් අප්පා...:)
Deleteඅනේ මම බොරු නෙවෙයිලු කිවේ ඉතින්...මම කුරුටු ගාපු වචන ටිකක්නේ ඔය....හුගක් ස්තුතියි හොදේ...:)
ඔය තියෙන්නේ ලස්සනට..
ReplyDeleteහුගක් ස්තුතියි තරු යාලු....:)
Deleteලස්සනයි, ජය වේවා දිගටම ලියන්න
ReplyDeleteඅනේ අප්පේ...මට සොදුරු යාලුගේ කොමෙන්ටුව මිස් වෙලානේ...:( තව පොඩ්ඩෙන් වස වැරැද්ද වෙන්නේ...:( බට්ට මලයට පින්සිද්ද වෙන්න එක දැනගත්ත..ස්තුතියි බට්ට මලේ..
Deleteහුගක් ස්තුතියි සොදුරු යාලු...:) කවි නම් ඉතින් ඔයාල වගේ ලස්සනට ලියන්න මට බැලු..මේ පැත්තට ආවට හුගක් ස්තුතියි....:)
අපිත් ඉතිං ඕව ලියන්න දන්නෙ නෑ බන්... මොනා හරි හිතට එන එක තමයි කොටන්නෙ...
ReplyDeleteදිගටම ලියමුකො.. :)
අන්න ඒකනෙ!
Delete@සාතන් අයියා: ඔයාව හුගක් සාදරයෙන් පිළිගන්ව අයියේ මේ පැත්තට..ඔය විභාගේ දවස් වල කොළ වල කටු ගාපුව තමා මම ඔය දැම්මේ අප්පා...:) හුගක් ස්තුත්යි අයියේ...!!!
Delete@බට්ටා මල්ලියා : මම ඉතින් අත්තමනේ කිවේ...කවද මේවා තේරුම් කොරන්නද අප්පා...දුකම තමා..:P :)
ඔයාගෙ නිසදැස් පලපුරුදු කෙනෙක්ගෙ වගේ..ඇය් ඉතින් ලියන්න දන්නෙ නැහැ කියන්නෙ...
ReplyDeleteඅහෝ දුකකි ඉරකි තිතකි කිව්වලු....:D අනේ මම ඇත්තමයි කිව්වේ යාලු....මම නිකන් ලියපු දෙයක් විතරමයි...හුගක් ස්තුතියි හොදේ....:)
Deleteම්ම්ම්ම්... කවිය නම් ලස්සනයි අක්කා... මගෙන් පුංචි අදහසක්.. අකුරු වල සයිස් එක වැඩි කළොත් නරකද?
ReplyDeleteහුගක් ස්තුතියි නංගා..:)
Deleteඔන්න මම ඒ අඩුව හැදුවා...:) ඔය කරපු හැම උදවුවටම ආපහු ස්තුතියි හොදේ...:)
මේක පලවෙනි එකද කියන්නත් පුදුමයි.මෙච්චර ලස්සනට ලියල තියෙන්නේ.ලස්සනයි අක්කියෝ ගොඩාක්....
ReplyDelete//ඔබ හට තවමත් පෙම් කරනු මිස වෛර නොකරමි කිසිදා....// ඇත්ත අක්කි...ආදරය කෙරුව කෙනෙක්ට කවමදාවත් වෛර කරන්න බැහැ...
අනේ ඇත්තමයි මල්ලියෝ මම කිව්වේ...:(
Deleteමම ඕක පාඩම් කරද්දී කොලයක කටුගාපු වචන ටිකක් විතරමයි...
ඔව් මල්ලියෝ වෛර කරන්න කවදාවත්ම බැහැ හදවතින්ම ආදරය කලොත්..කොච්චර වංචාවක්,රැවටීමක් කරත් ඒවා කවද හරි ඉබේම තමන්ට තේරුම් යනවලු..ආදරය කියන්නේ ලෝකේ උතුම්ම දේවලින් එකක්නේ..:)
සැබෑවටම හදවත පුදලා අහිමි වුනත් තාම ආදරේ හිතේ ඉතුරුයි කියලා දැනෙනවා වගේ....මාර ලස්සනයි....
ReplyDeleteමේ මම ලියපු කවියක්
//මා සුසුම් සුළගේ යාවී
පැතු පැතුම් නොම ඉටුවේවි
ඔබ කවක් පමණක් වේවි
නිතර හද රිදුමන් දේවී//
මේ ඒකට නන්දු අක්කා දාපු කොමෙන්ටුව
//නන්දුDec 27, 2011 02:27 PM
"ඔබ කවක් පමණක් වේවි
නිතර හද රිදුමන් දේවී"
අහිමි ආදරයට කාටත් හිමි දේ..//
මේක නම් ඇත්තම ඇත්තයි කියලා හිතුනා මේක කියවද්දි
ආ මම අදනේ මුලින්ම ආවේ මේ පැත්තේ
Deleteඔයාව සදරෙයෙන් පිළිගන්ව යාලු මේ පැත්තට..
Deleteආදරේ අහිමි උනත් හදවතේ තිබ්බ ආදරේ වෙනස් වෙලා නෑ කවදාවත්...එත් නොලැබුන ආදරයක් පස්සේ ගියත් වැඩක් නෑ කියලත් හිත දන්නවා යාලු හොදටම..මම නිසදැස් ලියන්න පුරුදු කාරයෙක් නෙවෙයි එත් හදවතේ තිබුන වචන ටික ලියවිලා ඇති. ඔයාගේ කවිය හුගක් ලස්සනයි යාලු.මේ පැත්තේ ඇවිත් ගියාට හුගක් ස්තුතියි...:)
හලේ....මං හොඳටම පරක්කුවෙලා ආවෙ..සමාවෙන්න අක්කියෝ.....
ReplyDeleteමේ ඔයා බණ කියනව....මං තාම හරියට පෑණ අල්ලන්නවත් දන්නෑ....මට මාතෘකාවක් දාගන්නත් කොච්චර අමාරුද කියල ඔයා දන්නවනෙ.....;)
“වෙනකෙකු වෙත ගියද මා සිතේ නැත කිසිදු තරහක්
මා ඉදිරියේ වෙන කෙනෙකු හා දොඩමළුව
තවතවත් මා හදම රිදවනුයේ කුමකට..?
මා ඔබ හට කල වරද කීම...?
මුළු හදින්ම ආදරය කිරීම පමණද?“
මෙන්න මේටිකනම් සෑහෙන්ඩ දැනුන.....හ්ම්......
දිගටම ලියන්න අක්කියෝ ජය වේවා....!!!!!!!!
හලේ...කිසි පරක්කුවක් නෑනේ නගේ...:)
Deleteමාතෘකාව නැති උනත් ඒ කවි නම් සුපිරියි නගේ... හුගක් ස්තුතියි නංගෝ මේ පතේ ඇවිත් ගියාට...:) ඔය මගේ හිතේ තිබ්බ හැගීම් වගයක් විතරමයි.......:)
ඉතිං ඒවට තමයි බොලේ කවි කියන්නෙ... අපිටත් ඒව හිතේ ඇතිවෙච්ච හැඟීම් ටිකක් විතරයි.. අන්න ඒකයි..!
Deleteඅම්මෝ හරිලු.....මෙයාගෙන් බේරෙනවා බොරුලු..:P
Deleteපට්ට පට පට......:D
ReplyDeleteඅනේ...ඔයත් ඇවිත්නේ..මන් බැලුව ඇවිත් ගිහින්ද කියල කලින් සද්ද නැතුවම
Deleteඇවිත් සද්දයක් දාල යන එක හොදයිලු..;) ලස්සන D අකුර..ඔහොම යන්...:P
හුගක් ස්තුතියි DD ...:)
බොහොම ඉස්තූති. ගින්දර නේද D අකුර.
Deleteහික් හික්..ඔව් ඔව් යටින් ගිනි ගන්නවලු..:D
Deleteවතුර බාල්දියක් එවන්නදෝ...:P
ආපු පලවෙනි දවසෙම සිරා නිසදැසක් නොවැ..
ReplyDeleteජය පතමි.. !
අපොයි..මම ඕවට දක්ෂ නෑ නොව.....මේ කුරුටු ගාපු දෙයක් විතරයි අප්පා...මේ පැත්තට සාදරයෙන් පිලි ගන්නවා යාලු...හුගක් ස්තුතියි..:)
Deleteවිභාගෙට ලිවුවේ මේවා නෙමෙයිනෙ?
ReplyDeleteහික් හික් අනේ නෑ යාලු...ඕව ලිව්වේ හිත නිදහස් කොරන් පාඩම් කරන්න..:D ඕව ලිව නම් මම ඉහලින්ම පස් වෙලා තියෙයි....:P මේ පැත්තට සාදරයෙන් පිලි ගන්නවා...හුගාක් ස්තුතියි යාලු..:)
Deleteමාත් පාඩම් කරන ගමන් ඔයවගේ පොඩි කවි ලියනවා. ඔයා ලස්සනට නිසදැස ලියලා තියෙනව හිරූ... :)
ReplyDeleteපාඩම් කරද්දී හැම තැනම බලි ලියල ඇති මන් නම්...එහෙනම් ඔයත් මගේ ජාතියේ වගේ යාලු...:) හුගාක් ස්තුතියි හොදේ.....:)
Deleteනියමයිනෙ හිරූ අක්කි.. ගොඩාක් ලස්සනයි.. ඔයා ඔය කුරුටු ගෑවයි කියපු තව නිසදැස් තියෙනවා නම් දාන්නකෝ.. ඔයාට ලස්සන නැති උනාට කියවන අපිට ලස්සනයිනෙ..
ReplyDelete…
…හිත රිද්දන මතක අමතක කරල දාලා හිනාවෙලා ඉන්න අක්කියෝ.. අපිට අයිති දෙයක් නම් ඒක කවදහරි අපිට ලැබෙනවාලු.. අයිති නැත්තම් මොන දේ කලත් ලැබෙන්නෙ නෑම තමයි ලු. ඒක කොහෙ හරි අහපු කතාවක්. හැබයි ඒ කතාව හුගක් ම හුගක් ඇත්ත අක්කි. ඒ නිසා අයිතියක් නැති දේවල් වෙනුවෙන් වද වෙන්නෙ නැතිව හිනාවෙලා ඉමු මෙන්න මෙහෙම :D
අපොයි........ඕන තරම් ඇති පහුගිය ටිකේ කොළ වල කුරුටු ගාල ඇති නංගෝ..ඔයාලා ලස්සනයි කියන නිසාම හිමිට දාන්නම්කො..එතකොට හිතෙයි මොන විකාරද මේ කියලා අප්පා..:ද්චොම්පුට්‍රෙර් හදාගතතාම හිමිට දානම්කො..නොලැබෙන දේවල් පස්සේ නම් යන්නේ නෑ නංගියෝ කවදාවත්ම..හිත හදාගන්න එක තම ටික ටික කරන්න උත්සහ කරන්නේ මම..හුගාක් ස්තුතියි මේ පැත්තේ ආවටයි, හිත හැදෙන්න කියපුවටයි..හැමදේටම...:)
Deleteදන්නෝ දනිති කියල කිවුවට දන්නා කෙනෙක් නැහැ වගේ.පාඩම් කරනවා කියල මේවද කරලා තියෙන්නේ.
ReplyDeleteදන්නෝ දනිති තමයි අයියා..දන්නා අය ඇවිත් බලල සද්ද නැතුව ගිහින් තියෙන්නේ අයියා..පාඩම් කළා ඉතින් මම මොනවා උනත්.:D ඕව නිකන් හිතට ආපු දේවල් විතරයි අප්පා..හුගාක් ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට අයියා..:)
Deleteපාඩම් කරන ගමන් මෙහෙම කවියක් ලිව්ව කියන්නෙ නිදහසේ ලිව්වනම් කොහොමට හිටීද.. ලස්සනයි යාලු.. :)
ReplyDeleteනිදහසේ ලියුවා නම් කොහොමත් කවි ලියන්නේ නෑ යාලු එහෙනම්..ඔහේ ඉදියි...:ද හුගාක් ස්තුතියි යාලු මේ පැත්තේ ඇවිත් ගියාට...:)
Deleteමට මෙච්චර කලක් ඔයාගෙ බ්ලොග් එක හොයාගන්න බැරිව ඉඳියේ..ඒකයි එන්න පරක්කු වුනේ.. :)
Deleteඅනේ කමක් න යාලු..මම මේක හනගන්නේ නැනේ..:D කිසිම පරක්කුවක් නැ අප්පා..මමත් මේ පැත්තේ එන්නේ නැනේ වැඩිය...:) කොහෝම හරි යාලු ඇවිත් තියෙන්නේ..... හුගක් ස්තුතියි හොදේ....:)
Deleteඅනේ අක්කේ.. මේ ටෙම්ප්ලේට් එක ඇහැට ටිකක් අමාරුයිනේ.වෙනස් කරන්න බැරිද?
ReplyDeleteකවිය ලස්සනයි.. ගොඩක්.
ඔන්න නංගියා කියපු නිසා මම ටෙම්ප්ලේට් එක වෙනස් කලා හොදේ...හුගක් ස්තුතියි නංගියෝ මේ පැත්තේ අවටත්, දීපු උපදෙසටත්....:)
Delete:)
ReplyDeleteමාත් ආවා හිරුගේ කතාව අහන්න....
ලස්සනයි. දිගටම ලියන්න....
හුගාක් ස්තුතියි යාලු මේ පැත්තේ ඇවිත් ගියාට....:)
Deleteම්ම්ම්... මේ අපූරුවට ලියලා තියෙන්නේ, දිගටම ලියන්න, ලස්සනට ලියනවා ඔයා!
ReplyDeleteඅපොයි...:)
Deleteහුගක් ස්තුතියි යාලු මේ පැත්තේ ඇවිත් ගියාට....:)