Monday, April 9, 2012

සෙවනැල්ල නුබ කෙසේ අමතක කරම්ද...?


නුබ මාගේ සෙවනැල්ල වී
නිරතුරුව මා පසු පසම හුන්නා
උදැසන නුබ මා පුබුදවා
නිවසෙන් බැහැරව යනතෙක්
සොවින් බලා සිටි නුබ 
මා නිවසට එන තෙක් පෙරමග
බලා හිදී සැමදා..
එහෙත් ඔබ අද නැත
ඔබට මා අමතකව ඇත
උපන්දා පටන් මා ලග
සෙවනල්ලක්ව හුන් ඔබ
අද මා හැර දමා ගොස්
වසරක්ම පිරි ඇත..
අද මා තනිව ඇත
සදාතනික මිතුරියේ
නුබගේ මතකය පමණක්
අද මා හදේ සදා සුරැකිව ඇත
ඒ සොදුරු මිතුදම ගෙවූ අතිතය
නුබට මා හට මෙන්  මතකද?
ඉපදෙන හැම ආත්මයේම
නුබ මගේ සදාතනික මිතුරියම වේවා..!!!
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.






ප.ලි.:
    
මගේ යාලුවනේ මම බ්ලොග් එක ලියන්නේ නෑ කියලා හිතන් හිටියත් මට අද දවස මගේ ජිවිතේ අමතක කරන්නමා බැරි දවස් වලින් එකක් වෙලා. මගේ ආදරණිය මිතුරිය වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් වලින් එකක් විදියට හිතලා මම මේක ලිව්වා..එකේ කිසිම ලස්සනක් නැතුව ඇති. එත් හදවතට දැනුන දේ ලියාලා දැම්මා.

ප.ප.ලි.:
   
අද උපන්දිනය සමරන හැමෝටම සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජිව්තේ කරන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..!!!


31 comments:

  1. Replies
    1. අපි ආදරය කරන අය අපි අතරින් වෙන්වුනාම හුඟාක් දුකයි.එයා හැමදාකම අපි ළඟ ඉඳලනම් අපෙන් වෙන වෙලා යන්න ගියේ ඒ දුක තවත් වැඩියි.ඒ මතකය හැමදාම අපේ හිත්වල තියෙනවා.අක්කිගෙ යාලුවාගේ මතකයත් හරියට ඒ වගෙයි නේද..

      ලියන දේ ලියවෙන්නේ හදවතේ හැඟීම එක්කනම් එක හුඟාක් ලස්සනයි.වටිනාකම තවත් වැඩියි...ලස්සනයි පොස්ට් එක අක්කියෝ..

      Delete
    2. හුරේ සිහින මල්ලියා එක..:D
      හ්ම්ම්ම්.....ආදරය කරන හැමෝම කවදා හරි දවසක අපිව දාල යනවා කියලා අපි දැන දැන ජිවත් වෙන එක තමා හොදම දේ මල්ලියෝ..ඒ ලස්සන මතකයන් හැමදාම අපේ හිත්වල තියේවි.හුගක් ස්තුතියි මල්ලියෝ

      Delete
  2. කවිය කියවනකොට, අද ඔයාගේ හිතට දැනෙන දුක ඒ විදිහටම මට නම් දැනුණා අක්කේ. ඒ තරමටම වචන ටික තමන්ගේ රාජකාරිය හරියටම ඉස්ථ කරලා.
    අක්කේ ඔයාගේ පැතුම ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා. "ඇය සදාතනික මිතුරියම වේවා" :D

    මේ විදිහටත් ඉපන්දින සුබපැතුම් කරන්න පුළුවන් කියල මං දනන් උන්නේ නෑනේ. :P

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි මල්ලියෝ....ඔව් එයා මගේ ජිවිතේ සදාතනික මිතුරියම තමයි හැමදාම.ඒ තැන වෙන කාටවත්ම ගන්න බැරි වෙලා අදටත්.:)
      ඔයා ඒක දැනන් හිටියේ නැද්ද..:P දැන් කොහොම හරි දැනගත්තානේ..:D
      මන් කොහොම හරි උපන්දිනේට සුබ පැතුවනේ..;)

      Delete
  3. තනි අලියාApril 9, 2012 at 11:40 PM

    මිතුරිය ගැන කණගාටුයි. නමුත් බ්ලොග් එක ලිවීම ගැන සතුටුයි! :)

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි මල්ලියෝ....පුළු පුළුවන් වෙලාවට ලියන්නම් හොදේ..:)

      Delete
  4. Yaluwek ahimi wena eke duka mata danila nathi nisa thama e duke tharama mata hitha ganna amaruy aththatama. Eth yaluwa nathi unu dawasa akkata awuruddak gihillath amathaka nathi nisa mata hithaganna puluwan e yalukame tharama.. Anith eka me wage kawiyak liyawennath hithe loku hangeemak thiyenna onene e gana. Hama athmedima eya oyagema yaluwa wenna kiyala mamath hadawathinma prarthana karanawa ehenam. Upandine samarana ayatath suba pathum!

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි මල්ලියෝ....අහිමි යෙහෙළිය ඉතින් මගේ පන වගේනේ..ආදරය කරන හැමදේම කවද හරි නැති වෙලා යනවා කියලා දැන දැන ජීවිතේට ලං කර ගන්න ඒක තමා හොදම දේ...එයා මගේ යෙහෙළිය තමා හැමදාමත්ම..හැම ආත්මෙදිම මට එයාව හම්බ වේවි කියලා මම බලන් ඉන්නවා..
      උපන්දිනේ සමරපු අය වෙනුවෙන් මම ඔයාට ස්තුති කරන්නම් හොදේ...;)

      Delete
  5. බොහොම කනගාටුයි.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...:( හුගක් ස්තුතියි යාලු මේ පැත්තේ ඇවිත් ගියාට...

      Delete
  6. එයා ලස්සනයි නංගා...ඔයාගෙ පැතුම එලෙසින්ම ඉටු වේවි..

    ReplyDelete
    Replies
    1. ඔව් එයා ලස්සනයි..හුගක් ස්තුතියි අක්කෝ...:D

      Delete
  7. අනෝ....:(
    මේක කියවනකොට මට මතක්වුනේ මගෙ සුදු මැණික(ලෙස්ටර්) එයානම් දැනුත් ඉන්නව මගේ ළඟ.....ඒත්.......:(

    ගොඩාක් දුක හිතුන අක්කියෝ...........:‘(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...:( හුගක් ස්තුතියි නංගියෝ මේ පැත්තේ ඇවිත් ගියාට...හැමදේම කවදා හරි නැති වෙනවා එකනේ ජිවිතේ කියන්නේ..

      Delete
  8. ඕව් ඉතිං අන්තිමේදී අපිට ඉතුරු වෙන්නේ දුකක් විතරයි නේ? අපිටත් ගොඩාක් දුකයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...හැමදේම කවදා හරි නැති වෙනවා එකනේ ජිවිතේ කියන්නේ..:( හුගක් ස්තුතියි අයියේ මේ පැත්තේ ඇවිත් ගියාට..

      Delete
  9. ඇත්තටම කනගා‍ටුයි සහෝදරි.... ඇත්තටම අපි ගොඩාක් ආදරේ කරන අය අපෙන් ඉක්මනටම ඇත් වෙලා යනවා, ඇත්තටම ඒ ඇයි කියලා මටත් තේරෙන්නේ නැ. කොහොම උනත් පැතුම් ඉ‍ටුවේවා කියලා මමත් පතන්නම්

    ReplyDelete
    Replies
    1. එහෙම තමා යාලු...හැමදේම කවදා හරි නැති වෙනවා එකනේ ජිවිතේ කියන්නේ..අපි ඒක දැන දැන ජිවත් වෙන්න ඕන.:( හුගක් ස්තුතියි යාලු මේ පැත්තේ ඇවිත් ගියාට..

      Delete
  10. මාත් ඔය අත්දැකීම විඳලා තියෙනවා.ඒක මොන තරම් ලොකු දුකක්ද කියල මං හොඳටම දන්නව.ඒත් ජීවිතේ හැටි එහෙම තමයිනෙ හිරු.ඔයාගෙ මිතුරිය ලබන ආත්මෙත් ඔයාගෙ මිතුරියම වෙන්න කියල මාත් ප්‍රාර්ථනා කරනව යාලු...

    ඇයි ඔයා බ්ලොග් එක ලියන එක නැවැත්තුවේ? දිගටම ලියන්න හිරූ....

    ReplyDelete
    Replies
    1. අනේ..ඒ අත්දැකීම නම් මාර දුකක් නේද යාලු..:'( මාත් හිතනවා එයා ඊලග ආත්මෙත් මගේම මිතුරිය වෙයි කියලා...හුගක් ස්තුතියි යාලු මේ පැත්තේ ඇවිත් ගියාට..
      පොඩි පොඩි ප්‍රශ්න නිසා නවතන්න හිතුනා යාලු...බලමුකෝ යන්තමින් වෙලාව තියන විදියට ලියන් යන්නම්..:)

      Delete
  11. හම්මෝ ආයේ ලියපු එක නම් ලොකූ දෙයක් යාළුවෝන්ව අපිට හැමදාටම ලඟ තියාගන්න බෑනේ හැම දෙයක්ම එහෙමයි ඉතින් මෙයාලා අපිව දාලා යනවා කියලා දැනගෙන ඒක හිතේ තියාගෙන හිටියොත්නම් දුක ඩිංගක් හරි අඩුවෙයි

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මල්ලියෝ...මම ඒක තේරුම් අරන් ඉන්නේ දැන් හොදටම..ජීවිතේදී අපි ආදරය කරන හැමෝම කාලයත් එක්කම අපිව දාලා යනවා තමා..හුගක් ස්තුතියි මල්ලියෝ..:)

      Delete
  12. අනේ.......පව් අප්පා..
    මාගේ ශෝකය... :(

    ReplyDelete
    Replies
    1. අනේ රජ්ජුරුවොත් වැඩලා.....ඔන්න සාදරයෙන් පිලිගන්නවා රජතුමනි මේ පැත්තට..!!!
      අනේ........:'( හුගක් ස්තුතියි මල්ලියෝ...

      Delete
  13. මගෙ පූස් මැණිකත් දවසක මාව දාල යාවිනෙ කියල හිතුණා.
    දුකයි..
    ඇයි ඔයා බ්ලොග් එක නවත්තනවා කියල තියෙන්නෙ.අනේ,දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ආදරය කරන හැමෝම කවදා හරි දවසක අපිව දාල යනවා නංගියෝ..හුගක් ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට..
      පොඩි පොඩි ප්‍රශ්න නිසා නවතන්න හිතුනා නංගියෝ...බලමුකෝ යන්තමින් හරි වෙලාව තියන විදියට ලියන් යන්නම්..:)

      Delete
  14. මිතුරියි පූසියෙක්..

    පව් හොද තැනක ඇති..

    ReplyDelete
    Replies
    1. අයියෝ..පුසියෙක් නෙවෙයි බව්වෙක්..:(
      එයා තමා පින්තුරේ ඉන්නේ..හ්ම්ම්ම් එයා කොහේ හිටියත් හොද තැනක ඇති කාටවත්ම කරදරයක් තිබ්බේ නැනේ එයාගෙන්.
      හුගක් ස්තුතියි සෑම් අයියේ මේ පැත්තේ ඇවිත් ගියාට...:)

      Delete
  15. මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    පූසිටත් සුභ උපන්දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා යාලු...!!!
      පුසියෙක් නෙවෙයි යාලු බව්වෙක්..එයා තමා පින්තුරේ ඉන්නේ.එයාගේ උපන්දිනේ නම් නෙවෙයි...එයාගේ උපන්දිනේ සැප්තැම්බර් 22 යාලු.. හුගක් ස්තුතියි මේ පැත්තට ඇවිත් ගියාට...ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..:)

      Delete