Thursday, April 26, 2012

හොදි නම් ඕනෙම නෑ...!!!




පෝස්ට් එකක් ලියම්දෝ නොලියම්දෝ කියල හිත හිත ඉද්දි ඔන්න ඔහේ ලියනවා කියලා හිතිලා ලියන්න ගත්තා. සැහෙන්න වැඩ වැටිලා තිබ්බත් එක වැඩක්වත් කරන්න හිතෙන්නේ නැතුව ඉන්න කොට වැදගත් විදියේ වැඩක්වත් කොරන්න ගන්න එපැයි... මේ සිද්දිය ලියනවා කියලා  හිතට ආවේ පහුගිය අවුරුදු කාලේ මට සිද්දවෙච්ච අකරතැබ්බයක් නිසා..

ඔන්න ඒක මෙහෙමයි උනේ.. මට මතක විදියට මම එතකොට ඉස්කෝලේ දෙක වසරේ විතර ඇති. අයියයි මමයි තමා එතකොට අපේ ගෙදර රජ කලේ. අයියා එතකොට පහ වසරේ. මල්ලිලා දෙන්න හෙවත් කිඹුල් පැටවූ දෙන්න එතකොට ගොඩක් පොඩියි. අපේ දුරින් නෑදෑ වෙන අයියා කෙනක් හිටිය ආමි එකේ. එයා පුංචි කාලේ ඉඳන් ම අපි ඉපදෙන්නත් කලින් ඉඳන් හිටියේ අපේ ගෙදරලු. ඉතින් එයා නිවාඩුවට හැමදාම එයාගේ ගෙදර යනවට වඩා කරන්නේ අපේ ගෙදර එන එක. ඒ අයියා අදුරගන්න අපි කියමුකෝ එයාට ප්‍රසන්න කියලා. ඔන්න ඉතින් මේ ප්‍රසන්න අයියා හැම නිවාඩුවටම අපේ ගෙදර එනකොට අපිට කන්න මොනවා හරිත් අරන් එනවලු.. ;) අපි ඉතින් එයා මාසෙකට සැරයක් ගෙදර එනකන් මග බලන් ඉන්නවා. එයා ගෙදර ආපු දවසට අපේ අයියගෙයි මගෙයි වැඩේ එයාගේ පස්සෙන් ම යන එක තමා. එයාගෙන් ඉස්සර ආමි එකේ විස්තර දැනගන්න, එයාලා කෑම්ප් එකේදී කරන පිස්සු වැඩ දැනගන්න අපි දෙන්න හරි ආසයි. එයා හින්දම තමා අයියටයි මටයි ඉස්සර ඉදන්ම ෆෝසස් ගැන පිස්සුවක් තිබ්බේ. ඉදලා හිටලා උතුරේ එහෙම ගියාම එයා ආපහු එනකන් අපේ අම්මගෙයි, තාත්තගෙයි ඇගේ ලේ වතුර වෙලා ඉන්නේ. අපේ අම්මලත් එයාට තමන්ගේ පුතෙක් විදියට තමා අදටත් සලකන්නේ. දැන් ඇතිනේ එයාගේ විස්තර වාර්තාව. ඔන්න එහෙනම් ආපහු කතාව පැත්තට පැන්නා මම. :)


ප්‍රසන්න අයියා ගෙදර ආපු දවසක අපි ඉතින් ඔන්න එයාගේ මාසික විස්තර වාර්තාව අහගන්න කියලා එයා එක්ක කතාවට වැටුනා. එයාලා බංකර් වල ඉඳිද්දී එක එක්කෙනා අදුර ගන්න විදි, කෑම ලැබෙන විදිය, අවූරුදු කාලේදී එයාල රතිඤ්ඤා පත්තු කරන  විදිය එහෙම ගැන අපේ ප්‍රශ්නාවලියට එයා උත්තර දෙනවා. අපිත් ඉතින් ඒ කියන කතා රස කර කර අහන් ඉන්නවා. සමහර දේවල් අපිට රසේ දැනෙන්නත් එක්කම බොරු කිව්වද කියලා දැන් නම් මතක නෑ. අපි පොඩි එකාලා නිසා ඒවායේ ගානකුත් නැනේ. කෑම කාමරේ පුටු වල ඉඳගෙන උදේ පටන් ගත්තු එයාගේ විස්තර කතා අහද්දී අන්තිමට දවල් වෙද්දී ඒක හොල්මන් කතාවක් බවට ඉබේම පත් වෙලා. දැන් යකෙක්ටවත් බය නෑ කියලා කටින් කිව්වට හිරු ඉස්සර පණ බයයිලු.. හැබැයි මට වඩා අපේ අයියා බයයි කියලත් මට තාම මතකයක් තියනවා. දැන් නම් ඉතින් බය අයියට විතරයි හොදේ.. ;) (අපේ අයියා කවද හරි මේක කියෙව්වොත් මට ගැලවීමත් තියෙනත් එපැයි). අන්තිමේදී හොල්මන් කතාවල උච්චතම අවස්ථාව එනකොට හිරු හිටියේ සැහෙන්න බය වෙලා කියලා දැන් අයියල දෙන්නටම හිතිල තිබිලා තියෙන්නේ.. අපේ අම්මා දවල් කෑම ගෙනත් තිය තියලු හිටියේ ඒ වෙලාවේ. අපිට ඉතින් මෙලෝ සිහියක් නැතුව ප්‍රසන්න අයියාගේ කතාව අහන් හිටිය මිසක් වටපිටාව ගැන කිසි අවධානයක් තිබ්බේ නෑ. අනික ඉතිං මේ පුංචි උන්ට කතාවක් කිවොත් කට ඇරන් අහන් ඉන්නවා මිසක් උස්සන් ගියත් දැනෙන්නේ නෑනේ. කතාව ඉවර වෙද්දී සෑහෙන්න බය වෙලා හිටපු මාව තවත් බය කරන්න ගත්ත අන්තිමට අයියල දෙන්න එකතු වෙලා.

එක සැරේටම..අයියලා දෙන්නගෙන් එක්කෙනෙක්

 " ඔන්න හොල්මන පිටිපස්සේ"

 කිව්වා විතරයි මාත්උන් හිටිතැන් අමතක වූවා සේ කෑගහගෙන කඩාගෙන බිදගෙන දුවපි ලනුව කඩාගත්ත ගොනා වගේ කාමරෙන් එලියට. අම්මා එතකොටම දවල් කෑම වලට හදපු ලිපෙන් බාපු ගමන්ම උණු උණු ඇඹරැල්ලා ව්‍යාංජනයක් දාපු තසිමකුයි උණු උණු අල හොදි තසිමකුයි අතේ තියාගෙන ඉස්සරහට ආපු හැටි මට අද වගේ මැවිලා පේනවා. අම්මත් පෙරලගෙන මම දුවන්න ගිහින් උණු උණු හොදි පීරිසි දෙක ම මදි නොකියන්න නෑවා කියලා විතරක් මතකයි මට... (ඉතිරි මතකය හිස්තැනක් වී පවතී...)

අම්ම කියපු විදියට තමා මට ඉතිරිය මතක ඉතින් හොඳේ. හොඳ වෙලාවට එදා ගෙදර තාත්තා හිටිය නිසා මාව ඉක්මනට උස්සන් ගිහින් නෑව්වලු. නාවලා ඉවර වෙලා අපේ ගෙදර පිටි පස්සේ වවලා තිබුන කෝමාරිකා පඳුරු ඔක්කොටම පින්සිද්ද වෙන්න අද ඒක නිසා එක පිළිස්සුම් කැලලක්වත් මගේ මූනේ ඉතුරු නොවී යන්තම් මුණ බේරා ගන්න පුළුවන් උනා කියලා තමා අම්මා කිව්වේ. අන්තිමේදී මම මුළු ගමටම ඇහෙන්න එදා ඇඬුව බව නම් මට අදටත් හොදටම මතකයිලු. අයියලා දෙන්න සැහෙන්න  බය උනා කියලත් පසු කාලීනව ආරංචි වුනා... .එදා රෑ අයියල දෙන්න කිඹුල කිරිමැටි ගිල්ලා සේ පසුවූ බව ගෙදර හැමෝම දන්නවා.. ;) අදටත් අපේ ගෙදර වටේට කෝමාරිකා පඳුරු ඉන්දද්දී අපේ තාත්තා ඔය කතාව මතක් කරනවා. බලද්දී අපේ තාත්තලා අපි ගැන කොච්චර හිතලා වැඩ කරනවද කියලා ඕව ගැන හිතද්දී මට හිතෙනවා අප්පා...





ප.ලි.: අවුරුදු දවසට පස්සෙන්දා අපේ නෑදෑ පරපුරට කැම හදන්න ගිහින් අත තෙල් තාච්චියට ගිහින් ඇඟිල්ලක් බැදුණ නිසයි මට මේ සිද්දිය මතක් උනේ.., ඒ වගේම අයියාගේ නම හැර අනෙක් සේරම සත්‍ය සිදුවීමක් වන බවත් කියන්න ඕනෙ... :)
බ්ලොග් එකේ ලියන මුල්ම කතාව මෙය වන බවත් වරදක් ඇත්නම් සමාවෙලා පෙන්නලා දෙන්න කියලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලා සිටිනවා..



55 comments:

  1. හුරේ... අද පළවෙනි පාරට මම එක... ටොපියක් ඕනෙ...
    …හොඳ වැඩේ දාංගලේට... පුංචි උනත් ඉන්න එපෑ ටිකක් සංවරව... :P
    …මූණෙ කැලැල් ඉතුරු උනානම් තමා වැඩේ අර කිව්වත් වගේ... අවුලක් නැති නිසා අවුලක් නෑ ඉතිං... :)

    ReplyDelete
    Replies
    1. හුරේ..ටොපියකුයි, තව ටොපියකුයි දෙන්නම් හොදේ...:D
      ලොකු තාත්තා කියනක්ම්නේ මම මේ බලන් හිටියේ...:P මට ඉතින් දාංගලේ කියලා ගෙදර මිනිස්සු දන්නා නිසා හොදයි.;)
      වල්ගේ නැතුව අලි මැරෙන කලේ බට්ටා මල්ලියෝ පොඩ්ඩක් තුවාල උනත් මොකද නේද..?

      Delete
  2. Replies
    1. රිදී පදක්කමට ටොපි බාගයක් බට්ටා මල්ලිගෙන් ඉල්ලා ගන්න ලොකු අයියේ...:P

      Delete
  3. Replies
    1. උඹට රිදී පදක්කම දෙපාරක් දෙන්න බෑ නේ බං!

      Delete
    2. ඒක ඇත්ත... තරඟ නීති උල්ලංඝනය කිරීමේ වරදට අවුරුදු 5ක වත් තරඟ තහනමකට ලක් කරන්ඩ වෙයි... අනාගතයේ නිසි පියවර ගනු ඇත... උසාවි වරෙන්තු ගැන අවධානයෙන් සිටින්න...

      Delete
    3. හොඳ වෙලාවට හොදි හැලුනේ. කිරිබත් පීරිසියක් හෙම හැලුන නම්.

      ඇත්තට ඇඟිලි තෙලේ දාල බදිනවා මම ඇහුවමයි. :D

      Delete
    4. කිරිබත්? :D හපෝ ඔව්ව මතක් කරන්න එපා... අක්කට ඇහුණොත් ඉඳල හමාරයි... :P

      Delete
    5. @ පැතුම් [සිතුම් පැතුම්] : පලවෙනි වතාවට දැක්කේ රිදී පදක්කම දෙසැරයක් ගත්ත කෙනෙක්ව..:P

      @ කසුන් : පව් වැඩේනේ කසුන් පොඩි එකාට දෙසරේම දීලා දාමු....:D

      @ බට්ටා : පවනේ බට්ටා මලේ තමා කවුරුත් සෙට් වෙලත් නැති එකේ අවුරුදු 5 ක තරග තැනම කල් දාමු. ;) කොහොමත් පසු කාලීනව තරග තහනම් ඉබේම එල්ල වේවිනේ..;)

      @ පැතුම් [සිතුම් පැතුම්] & බට්ටා : කෝ කෝ කිරිබත්...:D එහෙම කිරිබත් පිගානක් එහෙම හැලුනා නම් මම එදා අඩන්නේ කළා වැඩි වෙලා හුස්ම ගන්න අමාරුවටනේ...:) ඉතින් අද ඇහුවනේ ඇගිලි තෙලේ දාල බදින එක ගැන.අනිත් දවසේ අම්මට කියලා හදාගෙන කළා බලන්න..:)

      Delete
  4. හයියූ.. ඔයාටත් වෙන වැඩ.. :-)

    "ඔන්න හොල්මන පිටිපස්සේ"

    ReplyDelete
    Replies
    1. එකනේ රජෝ බලන්නකෝ මට වෙන වැඩ...:(
      අපෝ දැන් මම බය නෑ....මම ඊට වඩා හොල්මනනේ...;)

      Delete
  5. මේකේ ගුටි කාපු හරිය එහෙම නෑ නේ??? ඒ ටික ඊළඟ පොස්ට් එකේද? මට නිකන් මැවිලා පේනවා හරකෙක් වගේ අඬනවා...:D :D

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිලි ගන්නවා ….!!! මම ගුටි කැවේ නැනේ මේකේ ලියන්න ඉතින්...:( කොහොමත් අපි ගුටිකන්කම්ලුනේ සමහරු බලන් ඉන්නේ...;)
      කොහොම හරි කසුන් මට නොකිය හරකා කියලත් කිව්වා නේද...?:/

      Delete
  6. මේ දවස් වල හැමතැනම හොල්මන් කතා ගැන වගේ තියෙන්නෙ... ඒක නෙමෙයි ඇඟිලි බැද්දහම රහයිද?... :)

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා මේ දවස් වල දකින දකින තැන ඉන්නේ හොල්මන් අප්පා..ඇගිලි බැද්දම රහයිද කියලා අහන්න වෙන්නේ අපේ නෑදෑ පරපුරෙන් තමා..එයාලානේ රසකොර කොර කැවේ ...:)

      Delete
  7. හයියූ හයියූ අක්කියටට් වෙන වැද......^_^

    ReplyDelete
    Replies
    1. වැද කිව්වෙ නඟේ.........?

      Delete
    2. එකනේ නංගියෝ බලන්නකෝ මට වෙන වැඩ..:(

      Delete
  8. අයියල ඉතින් නංගිලව බයිට් එකට ගන්නවනෙ.........:D

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව් අයියලා දන්නේ නංගිලාව බයිට් එකට ගන්න තමා....:(
      මට පෙන්නේ හිත හොද පිස්සා යාලුවත් ඒ ජාතියේම වගේ..;)

      Delete
  9. ආයෙම නම් ඒ අයියා හොල්මන් කතා කියන්නෙ නැතිව ඇති...
    :D

    ReplyDelete
    Replies
    1. අපෝ අපේ ලංකාවේ මිනිස්සුන්ට වැඩිම උනොත් මොනවා හරි මතක සති 2 යි කියනවනේ යාලු. අදටත් අපේ අයියලා එකතු උනාම හොද හොද හොල්මන් කතා කියනවා..;) :D

      Delete
  10. අයියෝ වෙලා තියෙන වැඩක්...මූණේ කැළැල් ඉතුරු නොවුන එක නම් ලොකු දෙයක්.
    ලස්සනට ලියල තියෙනව හිරු.....සිද්ධිය මැවිල පෙනුනා පෝස්ට් එක කියවද්දි :)

    ReplyDelete
    Replies
    1. එකනේ යාලු බලන්නකෝ මට උන වැඩේ..:( හුගක් ස්තුතියි හොදේ..:)

      Delete
  11. Replies
    1. අනේද කියන්නේ නංගෝ....:)

      Delete
  12. හිරු ඉතිතන් කොහොමත් රස්නෙයිනේ....ඔය හොදි රස්නෙට හැරෙන්නවත් පුළුවන්ද හිරුගෙ රස්නෙත් එක්ක..... :P

    ReplyDelete
    Replies
    1. මේ හිරු එච්චර රස්නේ නෑ අප්පා...ඇල්වතුරත් නිවලයි බොන්නේ මම ..;) අපෝ අදටත් උණු හොදි තසිමක් අල්ලන්න මම බයයි ඉතින්...:)

      Delete
  13. මෙයත් කරගන්න වැඩ අෆ්ෆා....කොහොම උනත් තියන විසේට හොදම වැඩේ ( දැන් ඉතින් බොරුවට අඩන්න ඔට්‍ටු නැ)

    ReplyDelete
    Replies
    1. එකනේ බලන්න යාලු...කර ගන්න වැඩ නේද..? :(
      දැන් අඩන්නේ මොකටද පොඩි කලේ උන දේකට.අඩල ඉවරෝ...:P :D

      Delete
  14. අනේ පව් අප්පා :)

    ReplyDelete
    Replies
    1. එකනේ බලන්නකෝ මම පව් නේද යාලු...:)

      Delete
  15. මුන් ඔක්කොම අපිව බය කරන්නද මන්ද හොල්මන් කතා ලියන්න පටන් අරන්..

    විහිලු කරන්න ගියාම කරදරත් වෙනව නොවැ..

    ReplyDelete
    Replies
    1. අනේ සැම් අයියාව බය කරන්න ලිව්වේ නෑ අප්පා..කොහොමත් ඉතින් සෑම් අයියාව දැක්කමත් බය වෙනවනේ...:P අපෝ ඔව් විහිලු කරන්න ගිහින් අත පය කඩා ගත්ත අයත් හිටියා ඒ කලේ..:)

      Delete
  16. අෆරාදේ හොදි ටික ;) අලුතින් හොයාගත්ත ඇඟිලි බැදුම ගැන පෝස්ටුවක් දාලා හදන හැටි කිව්වනම් නරකද :P

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිලි ගන්නවා ….!!! චුටි පුතාට මතක් උනේ හොදි ටික ගැන...කම අපතේ යැම ගැන දුක හිතිලා පව් අපා..මොනවා උනත් හොද කෑම ලෝලියෙක් කියලා පේනවා...;) ඔව් මේ ඊලග පොස්ට් එකේ දාන්න ඉන්නේ...:P

      Delete
  17. aththtama hiru kathawa lassanai thawa liyanna

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි යාලු...මේ පැත්තට සද්දරයෙන් පිලි ගන්නවා...:)

      Delete
  18. අපේ ගෙදරත් කෝමාරිකා පඳුරු සෙට් එකක් තියෙනවා කවද හරි අපේ නංගිටත් ඒකෙන් සාත්තුවක් කරන්න වෙයි වගේ මොකද අපිත් කරන තරමක් නංගිලව බය කරන එක කරන්නේ තාම මොන්ටිසෝරි යන පණ්ඩිත වාට්ටුවක් එයා... දවසක් බය කරන්න වගේ මාමයිට් බෝතලයක් ඔළුවේ හලන්න වගේ ගියා කරුමෙට ඒකට දාලා තිබුනේ කෝපි කුඩු ආයේ නෑ කෝපි වලින් නෑව්වා ලස්සනට... පොඩි එවුන්ව බය කරලා අඬවන එක මාර ජොලි වැඩේ නේද

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි..මේ ගැමි මල්ලියෝ පොඩි ඈයෝ බය නොකර හිටු..!!! ලොකු උනාම ඕවටත් එක්ක රිටන් එක අනිවා ලැබෙනවා හොදේ..පරිස්සම් වෙලා ඉන්න එක අගට ගුණයි දැන්ම ....:P

      Delete
  19. මම නම් හොල්මන් කිව්වට භය වෙන්නෙ නැහැ...මෙහෙ හොල්මන් ඇත්තෙත් නැහැනෙ..හැබැයි ඉතින් ''ඔන්න කැරපොත්තා'' කිව්වොත්....හෆ්ෆා ඉතුරු ටික ලියන්න බයේ බෑ......!!

    ReplyDelete
    Replies
    1. මාත් දැන් පොඩ්ඩක්වත් බය නෑ වින්චැට්කිරිල්ලි යාලු.....:) ඔන්න ඔන්න කැරපොත්තෙක්......:P

      Delete
  20. මමත් කෝමාරිකා හිටවන්න පටන් ගන්න ඕනේ.මමත් මාර බයයි පොඩි කාලේ.දැනං පොඩ්ඩක්වත් බය නෑ (දවල්ට)

    ReplyDelete
    Replies
    1. ඇයි අසර් අයියාගේපොඩි එකාට දැන්ම ඉදන් කෝමාරිකා හිටවනවද..? හොදයි හොදයි හොද අනාගත ආයෝජනයක්...:P අපි නම් දැන් දවල්ට විතරක් නෙවෙයි රෑටත් බය නෑ....:D

      Delete
  21. හයියෝ...හොල්මනකට බයවෙලා කරන තියෙන වැඩක්.අක්කි ප්‍රශ්නයක් නොවී බේරුනා එකගැනනම් හුඟාක් සතුටුයි අක්කියෝ...මමනම් ඔය හොල්මන් වලට බය නැහැලුනේ :p

    අවුරුද්දට කැවුම් කොකිස් බදිනවා කියල දන්නව.ඒත් ඇඟිලි බදිනව :O .මම මේ අහව්වමයි අක්කියෝ..:D :D

    ReplyDelete
    Replies
    1. එකනේ මල්ලියෝ...බලන්නකෝ මේ අයියලාගේ වැඩනේ..:) අපෝ මම නොදන්නවනේ හොල්මන් වලට බය නොවෙන එක්කෙනාගේ තරම...:P
      මම ඊලග පොස්ට් එකකින් දාන්නම්කො ඇගිලි බැදුම හදන විදිය...ඔයත් හදාගෙන කාලා බලන්නකෝ....:D :P

      Delete
  22. ශා... මරුනේ අක්කේ... තව මේ විදියේ කතා ලියන්න හොඳේ...

    අනේ ඉතින් හදිස්සියේ වත් අත පිච්චුනාට අපේ ගෙදර කෝමාරිකා නෑනේ... :(

    ReplyDelete
    Replies
    1. :O තව කතා...හුගක් ස්තුතියි නංගියෝ...!!! අපේ ගෙදරත් තාත්තා පැල කරලා තියන්න නිසා තියනවා...නැත්නම් නෑ තමා..:)

      Delete
  23. හික්ස්ස්...මටත් පුංචි කාලේ දවසක් මතක් වුනා. අම්මා ආස්මී හදන්න පැණි උනු කරලා ඒක හැදි ගගා ඉන්න කොට මම අක්කලාට පේන්න උඩින් පනින්න ගිහින් පැණි තාච්චියට වැටිලා කකුල් දෙකම පිච්චුනා.
    අවුරුද්දට කකුල් දෙකේම දිය බිබිලිත් එක්ක හිටිය හැටි මතක් උනා මේක කියවද්දි :D :D

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිලි ගන්නවා...!!!
      (හොද වැඩේ කුබුටත් වැඩ පෙන්න ගියාට...:P )
      අනේ අපොයි කර ගන්න දේවල් උණු තෙල් වලට වඩා උණු පැණි වලට පිච්චුනාම හුගක් පිච්චෙනවා කියලා මට මතකයි අපේ අම්මා කියනවා ඇහිලා තියන්නවා ..:(
      මදෑ අවුරුදු කාපු හැටි...:)

      Delete
  24. අක්කේ මොකක්ද මේ දැන් වෙලා තියෙන ප්‍රශ්නේ?

    ReplyDelete
    Replies
    1. උන දේට උත්තරේ ඊලග පොස්ට් එකෙන් කියන්නම් නංගියෝ...:)

      Delete
  25. මටත් කියන්න තියෙන්නෙ හිරු, අපරාදෙ ඇඹ‍රැල්ල හොද්ද කියලා, මම කැමති හොද්දක්. අල හොදි නම් කමක් නෑ. හොදි ඕනෙ නෑ!!
    :P
    henryblogwalker the Dude

    ReplyDelete
  26. හික් හික්..මෙන්න තවත් මන් වගේ බඩජාරියෙක්...අපරාදේ නේ...? මටත් දැන් මතක වෙනකොටත් දුකයි අප්පා...;)

    ReplyDelete