Saturday, June 16, 2012

කොමාවක් නොතබා නැවතීමක් තැබූ උපන්දින තෑග්ග



යාලුවනේ, හුග කාලෙකට පස්සේ පොස්ට් එකක් ලියන්න අද ආවා. මේ දවස් ඇතුලතදී හුගාක් බ්ලොග් පොස්ට් කියවන්න  මගරුනා... මේ දවස් ටිකේ හුගාක් ප්‍රශ්න වලට මුණ දුන්නා. විභාග, අයියට අසනීප වීම වගේ දේවල් නිසා ජිවත් උනේ මේ ලෝකේ සිහියකින් කියලා කියන්න අමාරුයි. මේ ප්‍රශ්න ටික අඩු උන ගමන් මන් ඔයාල හැමෝගෙම පොස්ට් කියවන්න එනවා. ඒ වගේම කලින් පොස්ට් එක ලියලා මාසයක් වෙලත් තාම කොමෙන්ට් වලට උත්තර දීලා නැතුව ඇති. මන් එකත් ඉක්මනටම කරන්නම් හොදේ... හැමෝගෙන්ම ඒවාට සමාව ඉල්ලනවා මුලින්ම….:(





ආදරණිය හිරු,


අම්මා  තාත්තාගේ ,සහෝදරයන්ගේ ආදරේට පසුව ලැබුන වටිනම ආදරය වූ ඔයා වෙනුවෙන්ම අවසානයේදී  කවදාවත්ම ඔයාට නොදීපු විදියේ අවසාන උපන්දින තෑග්ගක් දෙන්න මන් තීරණය කලා. ඒ නිසා මේ ලිපිය ලියන්න ගත්තත් මට මගේ ජිවිතේ එක තැනක නැවතිලා ඉන්න ඕන නැති නිසාමයි. මට ගමන් කරන්න ඕන මගේම මාර්ගයක් තියනව මන් ඒ මාර්ගයේ කොච්චර බාධක ආවත් ඉස්සරහටම යනවා එදා වගේම අදටත්.ඔයා හොදටම දන්නවනේ මම දෙයක් කිව්වොත් ඒ දෙය කොහොම හරි මගේ උපරිමයෙන් කරනවා කියලා. එත් ඒ මාර්ගේ ගමන් කරද්දී සැහෙන්න  ලොකු ගැබුරු හෙලකට මාව ඇදන් වැටුනා.තාමත් මන් ඒ හෙලෙන් ගොඩ එනවා. කවද හරි දවසක මන් ඒ හෙලෙන් අපහු ගොඩ වෙනවමයි. අදට මාස 4යි දවස් 16කුයි ගතවුනු  කාලයක් තුල මේ ඇහෙන් ඔයා වෙනුවෙන් කදුළු  බින්දුවක් නොවැටුණු දවසක් හොයා ගන්න අමාරු වෙන්න පුළුවන්. අද වෙනකොට ඒ කදුළු වලට නැවතීමේ තිත තියලා තියෙන්නේ අඩන්න කදුළු හැමදාම නෑ වගේම, ඇහැට ඇගිල්ලෙන් ඇනගෙන අඩන්න උවමනාවක් නැති නිසයි.

ජිවිතේ ගෙනියද්දි කොච්චර බාධා ආවත් ඒවා ගැන හිතන්න දැන් මගේ හිතේ ඉඩ අඩු වේවි. මේ පුංචි හිතට හුගක් ආදරය ගෙනත් දුන්නට ඔයාට හුගක් පින්. ආදරය කියන දේ පිටුපස්සේ තියන දුක කියන බැරෑරුම් දේ එදා තේරුම් ගන්න බැරි උනත් මන් අද ඒක හොදට තේරුම් අරන් ඇති. ඔයා මගේ ජිවිතේ අතීතය. මගේ අනාගත ජිවිතයේ අඩිතාලමේ පුරුකක් වේවි. ඒ අතීතය දිහා ආපහු හැරිලා බලලා කවදා හරි හිනා වෙන්න මන් මගේ අනාගතේට ගමන් කරනවා. සමහර විට ඔයා මේක කියවනවා ඇති නොකියවනවා නම් ඒක හුගක් හොදයි. මම ඔයාගේ හිත ලග නැවතිලා මගේ ජිවිතේ වටිනා කාලය ගෙවා දැමුවත් ලෝකය නැවතුනේ නෑ කියලා මම දන්නවා. මම ඔයාගේ ආදරේ ඔයාටම බාර දීලා ඔයාගේ සතුට දුන්නනේ. ඒ සතුටත් එක්ක හැමදාම හුගක් සතුටින් ඉන්න. ඔයා හිනා වෙලා ඉන්න තරමටම මටත් හිනා වෙලා ඉන්න පුළුවන් හැමදමත්ම. ඔයාලා දෙන්න එක්ක මගේ හිතේ කවදාවත්ම කිසිම තරහක් නෑ.

අදින් පස්සේ හුගාක් දේවල් වල හුගාක් වෙනස්වීම් වේවි ඒ හැම වෙනසටම මම ලෑස්තියි. ඔයාට කියන්න අන්තිමට හුගාක් දේවල් ඉතුරු උනත් ඒ හැමදේම වලලා දානවා. උත්තර දැන ගන්න ඕන ප්‍රශ්නෙත් එහෙම්මම අතෑරියා. ඔයාගේ ආදරය හුගාක් හොදින් බලා ගන්න. දුකක් දෙන්න එපා කවදාවත්ම. මන් මේවා කියන්න ඕන නෑනේ ඔයා ඒවා හොදටම දන්වනේ. මට කියන්න ඕන උන වැදගත්ම දේ මම කිව්වා. එහෙනම් හුගාක් සතුටින් ඉන්න හැමදාමත්ම..

ඔයාට වෙනදා  වගේ රෑ 12 පහු උන ගමන්ම සුබපැතීම කරන්නේ නෑ මන්. එත්, ඔයාට සුබම සුබ උපන්දිනයක් සහ ඔයාගෙම සියලුම ප්‍රාර්ථනා ඉෂ්ටවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…!!!


මෙගේ නොවූ හිරු, මේ ඔයාට ලියන ප්‍රථම සහ අවසාන ලියුමයි. හැමදේකටම දැන් මම කොමාවක් නෙවෙයි නැවතීමේ තිතක්ම තිබ්බා......

මිට,
ඔයාගේ අතීතයෙන් මාසයක්....;)


 මෙන්න මගේ අවසන් උපන්දින තෑග්ග.....;)
.
.
.
.
.
.
.
.
.
.
.
.
 .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
 



ප.ලි : මේක කියවන මගේ යාළුවො හිතුවට කමක් නෑ මට පිස්සු කියලා. මොකද හිරු හිරුටම අද ලියුමක් ලිව්වා...;) එත් මේක හිරු හිරුටම ලියපු දෙයක්ද කියලා තීරණය කිරීම ඔයාලටම බාරයි.

 ප.ප.ලි:  හිතට  හුගක්ම වද දීපු මේ කාල පරිච්චේදයෙන් මන් සදහටම ඇත් වෙන්න හිතාගෙන මේක ලියලා ඉවරයක් කළා... ඔන්න මට මේක ලිව්වට බනින මගේ යාලුවෝ බනින්න, මගේ පොස්ට් එක කියවන්න එන්නේ නෑ කියපු අයට ඔන්න කිව්වා මන් ආපහු දුකින් කිසි දෙයක් ලියන්නේ නෑ හොදේ... ලිව්වත් ලියන්නේ හිනා වෙලා..... ඒ වගේම කියන්න ඕනේ මේ පොස්ට් එකේ වැරදීමක් තිබ්බොත් සමාවෙන්න මොකද මට මේක ලියලා කියවන්න තරම්වත් කිසිම හිතක් නෑ... :(

මෙයා අඩුවට මන් හිනා වෙලා ඉන්නේ හොදේ..:)

63 comments:

  1. සුභපැතුම්!එහෙනං ඔ්ක ප්‍රතිචක්‍රීකරණය කරල දාන්න! :D

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ,සෑම ක්‍රියාවකටම සමාන වුද ඊට ප්‍රති විරුද්ධ වූ ද ක්‍රියාවක් ඇත.. ප්‍රතිචක්‍රීකරණය කියන්නේ ඒ වැඩේම රවුමෙන් කරනවා කියන එක නේද?

      Delete
    2. මෙහෙමයි! පරණ සීන් නිශ්ප්‍රයෝජනයිනෙ! එ්ක උණු කරල (හරි මොකක්හරි කරල) වෙන ප්‍රයෝජනවත් දෙයක් හදනව! එතකොට එ්ක කලිං තීච්ච පරණ එක් නෙවෙයි! :)

      Delete
    3. @ තනි අලියා : හුගක් ස්තුතියි මල්ලියෝ..
      ප්‍රතිචක්‍රිකරනය කරන්නේ නැ වල දැම්මා... ප්‍රතිචක්‍රීකරණය කලත් නැවත ප්‍රයෝජයක්‌ ගන්න බැ මල්ලියෝ ඒ කිසි දෙයක්..:)

      @ක්සැන්ඩර් : මම කලෙත් නිව්ටන්ගේ තුන්වෙනි නියමේ වගේ එකක් තමා යාලු..:)

      Delete
  2. හ්ම්ම්.... දිග කතාවක කොනක් වගේ.. තිත් පේලියෙන් ගොඩක් දේ කියලා හිස් පෙට්ටියෙන් ඉතුරු ටික කියලා තියෙන්නේ. ලියුමට වඩා මටනම් කතාව කිව්වේ ඒ දෙක.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...අවුරුදු තුනක විතර කතාව නැවතීමේ තිත තමා යාලු..
      මේක කියෙව්වට කතාව නොදැන තේරුම ගන්න අමාරු කියලා දන්නා නිසා තමා මන් උඩින්ම කිව්වෙත් කියවලා ඔයාලගේ වටින කාලය නාස්ති කර ගන්න එපා කියලා...
      මේක තමා මට දෙන්න තිබ්බ අන්තිම තෑග්ග මන් ඒක එයාට දීලා ඉවරයක්‌ කළා...දැන් මම නිදහස්.......:)

      Delete
  3. මට ගොඩාක් සතුටුයි අක්කා....අද තමයි ඔයාගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක..අද ඉදන් පටන් ගන්න අලුත් ජීවිතයේ කදුළු කියලා වචනයක් නෑ හොදද..ඔයාගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා...

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි මල්ලියෝ....
      ඔයාලගේ වචන මට ලොකු හයියක් හැමදාම....:)
      ඒ හැමදේම අතීතයට එකතු කළා මන් වර්තමානයේ ජිවත් වෙනවා අනාගතය වෙනුවෙන්...:)

      Delete
  4. //තාමත් මන් ඒ හෙලෙන් ගොඩ එනවා. කවද හරි දවසක මන් ඒ හෙලෙන් අපහු ගොඩ වෙනවමයි//

    කවද හරි නෙමෙයි අද ඉඳන්ම වලෙන් ගොඩ එමු... ඔයාට පුළුවන් අක්කේ... මේ තීරණේ දැන් හරි ගත්ත එක ගැන සෑහෙන්න සතුටුයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..... ටික ටික ගොඩ එනවා මල්ලියෝ මන් දැන් සැහෙන්න සාර්ථකයි...
      එකපාරටම බැරි උනත්...
      එදා තමා මන් මේ ලොකු තීරණය ගත්තේ...
      හුගක් ස්තුතියි මල්ලියෝ......:)

      Delete
  5. හිරුවා වගේ හොද කෙල්ලෙකුට කවදාවත් වරදින්නේ නෑ අක්කෝ..
    හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න... :-) :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි මල්ලියෝ...
      රාජ සම්පත් මට දැන් ලැබිලා තියෙන්නේ...:)

      Delete
  6. සතුට සහ නිරෝගීකම පවතීවා :)

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි යාලු....
      ඔයාටත් එසේම වේවා...
      ඔයාව සාදරයෙන් පිලි ගන්නවා හොදේ...:)

      Delete
  7. ආදරණිය හිරූ..,
    (මම මේ හිරූ කිව්වේ මේක ලියන හිරූ අක්කටනම් නෙවෙයි ඕන්)
    හැපි බර්ත් ඩේ හිරූ...දාන්න පහක් මචං... මට මාර සතුටුයි..(ඇත්තටම සතුටුයි කියන්නත් බෑ..)ඔයා මාර ටැලන්ට් එකක් තියන කොල්ලෙක් හිරූ..ඇත්තමයි. මේ ලෝකේ තමන්ට ආදරයක් රැකවරනයක් නැතුව කොච්චර අය ඉන්නවද.. උන්ට කනවද බොනවද අදිනවද හොයන්න බලන්න අහන්න කවුරුත් නෑ. උන් කොච්චර දුක් වෙනවා ඇත්ද..ඒක උන්ගේ පව් කාරකම.. ඉතින් උන් දුකින්ම ඒ පව් ගෙවනවා.. ඒ වගේ කොල්ලො කෙල්ලො අතර උඹ නම් මාර කොල්ලෙක්. උඹ මොකද කලේ මහා මෙරක් වගේ ආදරයක් එපා කියලා අයින් උනා විතරක් නෙවෙයි ඒ ආදරය කරපු හිතට තවත් මහා දුකකුත් දුන්නා. ෂහ් මරු ඈ.. අම්මපා පිස්සු හැදෙනවා. කොහොම උනත් මේ කරගත්තාවූ මහා අකුසල කර්ම වල ආනුභාවයෙන් මතු උපදින සසර පුරා......................................................................!!!!!
    බුදු සරණයි හිරූ,
    මීට ආදරණිය තරූ.(තරුවා)
    ***
    ***
    ***
    ***
    දැන් කියන්නේ හිරු අක්කාට.....

    ආදරණිය හිරූ අක්කේ,
    මාස 4යි දවස් 16ක්. ඇත්තටම බලාගෙන ගහාම මහා ලොකු කාලයක් තව විදිහකින් හිතුවොත්...අයියෝ මාස හතරද....මේ මිනිහා මට මේ කරපු දෙයින් මම එහෙනම් මාස හතරෙන් ගොඩ ආව ඈ..ෂා මම මරුනේ...දාන්න පහක් මට..
    ඉතින් අක්කෝ මේ ලෝකේ සම හරක්ට ජීවිතේ කාලෙම මහන්සි උනත් තමන් වැටුණු වලකින් ගොඩ එන්න තියා තමන් මේ ඉන්නේ වලකදවත් කියා නොතේරෙන ලෝකෙක තමන් වලකට වැටී මාස හතරක් වැනි සුළු කාලයකදී මේ සා දුරක් පැමිණ මේ වල කටෙන් ගොඩ ඒමට උත්සහ දැරීමද අත්තටම බොක්කෙන්ම පැසසිය යුතු කරුණකි. නිවාඩු පාඩ්වේ මේ සතුට සැමරීමට අපට පාර්ටියක් දුන්නාට කිසිදු වරදක් නැත. අපි එපා නොකියන්නෙමු(මගුල කතාව වෙන පැත්තකට යනවනේ..) ඉතින් අක්කෝ මේ ගන්නා වූ උත්සාහය දිනෙන් දිනම සර්වප්‍රකාරයෙන් සාර්ථක වී හැකි ඉක්මනින් මේ වලෙන් ගොඩට පැමිණ හිරුගේ වගකීම නොහොත් යුතුකම වූ ලොවටම එළිය දෙනමෙන් ඔබගෙන් කාරුණිකට ඉල්ලා සිටිමි.
    බුදු සරණයි හිරූ,
    මෙයට,
    මීට ආදරණිය තරූ.(තරුවා)

    ReplyDelete
    Replies
    1. අවුරුද්දේ කොමෙන්ට් එක... :D

      Delete
    2. මේ කොමෙන්ටුව තමා මගේ ජිවිතේ උත්තරයක්‌ දිගන්න අමාරුම කොමෙන්න්ටුව තරු මල්ලියෝ..:) මට තේරෙන්නේ නැ මොනවද කියන්න ඕන කියලා...එත් මන් අමාරුවෙන් හරි ඔයාට උත්තරයක්‌ දෙනවා අද මේකට..:)

      හිරුගේ ලිපියට මට උත්තර ලියන්න අමාරුයි හොදේ.... එයාට මාව එපා වෙන්නත් මගේ වැරදි තියෙන්න ඇතිනේ... අපි කවුරුත් මිනිස්සු නිසා දැන දැන්ම වගේම නොදනත් වැරදි වෙනවනේ.. එයා කවදා හරි මේක කියෙව්වොත් එයා උත්තරයක්‌ කෙටුවේ නැති උනත් තමන්ගේ හදවතින්ම මේකට උත්තරයක්‌ දීලා යාවි.. ඒක නිසා මට මේකට මොනවා කියන්නද කියලා මන් දන්නේ නැ හොදේ. මෙතනදී උත්තර දෙන්න මන් අසරණයි...:)

      ඒත් මන් ඔයාගේ ලිපියට පිළිතුරක් දෙන්නම් හොදේ මට ලියපු ටිකට...
      මන ඔයාට 5ක් නෙවෙයි 10 ක්ම දාන්නම් හොදේ..ඔයා ඉල්ලපු පාටියද දෙන්නම් අනිවා...:)
      ජීවිතේදී අපි සමහර වෙලාවට යන පාරවල් වරදිනවනේ මටත් පාර වැරදුනා..දැන් නියම පාරේ යන්න ගත්තා..ඒ අතීතය වෙනුවෙන් අඩලා තේරුමක් නැ කියලා තේරුම ගත්තා මල්ලියෝ..මන් එයාට දීපු තෑග්ගේ වැරද්දක් නැ නේද..? මන් මට යන්න තියන පාරේ දිගටම යනවා දැන් නැවතිල්ලක් නැතුව. හිරු හැමෝටම ආලෝකය දේවී......:)
      ඔයාට හුගාක් ස්තුතියි තරු මල්ලියෝ....මේ හැම වචනයක්ම මට ලොකු හයියක්...

      Delete
  8. අතිත මතකයන් ජිවිතයට ශක්තියක් කරගෙන වැ‍ටුනු තැනින් ගොඩාක් ඉක්මනට නැගිටලා ජිවිතේ ගොඩාක් ලොකු තැනකට යන්න ශක්තිය ඔයාට තියනවා කියලා මම දන්නවා යාලු... අතිතය වේදනාවක් උනත් සතුටක් උනත් අපිට අතිතයේ ජිවත් වෙන්න බැ අනාගතය වෙනුවෙන් වර්ථමානයේ ජිවත් වෙන්න වෙනවා.. අතිත මතකයන් ගැන හිත හිතා උන්නොත් මේ රේස් එකෙන් අපි පරාද වෙනවා... සෝ අලුතින් හිතන්න පටන් ගත්තු අලුතින් ජිවත් වෙන්න පටන් ගත්තු මේ ජිවිතේ සියලු පැතුම් ඉ‍ටු වෙන්න කියලා (හිරු ගැන තියන ඒවා නෙමේ) හදවතින්ම ප්‍රර්ථනා කරනවා .. ජය හා සතුට

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි යාලු... හිරු කියන්නේ මගේ අතීතය විතරයි දැන්... තවත් කිසිම බලාපොරොත්තුවක් නැ එයා ගැන..මන් මගේ වර්තමානේ ජිවත් වෙනවා අනාගතය වෙනුවෙන්.....:)
      ඔයාලගේ වචන මට හුගක් වටිනවා..
      ඔයාටත් ජය හා සතුට.......:)

      Delete
  9. අමතක කරන්න ඕන අතීත මතකයන් අමතක කරන්න ඕන..හිතින් ගොඩක් කල් දුක් විදිනවට වඩා ඒක තමයි හොදම දේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....හැමදේම වල දැම්මා අයියේ.. දුක් වින්දා ඇති මට
      හුගක් ස්තුතියි හොදේ...:)

      Delete
  10. ජීවිතයට තව තවත් දිරිය ශක්තිය ලැබේවා..!!

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි කිරිල්ලියේ..:)
      ඔයාටත් එසේම වේවා....!!

      Delete
  11. සිතට සවිය අරන් ජීවිතේ ඉදිරියට ගෙනයාමට ඔබට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඔයාව මේ පැත්තට හුගක් ආදරයෙන් පිලි ගන්නවා අක්කෝ...
      හුගක් ස්තුතියි හොදේ...:)

      Delete
  12. යන මග දුරයි
    ආ මග කෙටියි
    සිත දිරි ගනින් අක්කේ
    යා යුතු දුර බොහෝයි ..............

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලියෝ ඔයා කිව්වා දේ හරි....
      හුගක් ස්තුතියි මල්ලියෝ....:)

      Delete
  13. අතීතය තුලින් අනාගතය අලුතෙන් බලන්න පුලුවන්.. එතකොට ජීවිතේ අලුතෙන් පටන්ගන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. අතීතයෙන් ලබා ගත්තු පාඩම් තුලින් අපි අනාගතයට යන්න ඕන නේ..
      හුගක් ස්තුතියි...

      Delete
  14. අතීතයෙන් පාඩම් ටික අරගන්න
    අනාගතේ වෙත නොබියව ඇවිදින්න
    අපි ඉන්නවා ඔබ හට සවියක් වෙන්න
    ලාබයි ඇපල් පතනව ජය ජය වෙන්න

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි යාලු...
      ඔයාලගේ හැම වචනයක්ම මට ලොකු හයියක්..:)

      Delete
  15. සුභ දෙයක්ම වේවා !

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා සෑම් අයියේ..
      හුගක් ස්තුතියි හොදේ..:)

      Delete
  16. හැම දෙයක්ම අමතක කරලා ආයෙත් ජිවිතේ ගැන අවබෝධයෙන් හිතන්න පටන් ගන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් අසර් අයියේ ඒ හැමදේම මගේ අතීතය..මන් මගේ අනාගතේට මුන දෙන්න දැන් ලෑස්තියි...
      හුගක් ස්තුතියි හොදේ..:)

      Delete
  17. කොච්චර කරන්න අමාරු දෙයක්වුනත් අතීතේට සමුදීලා අනාගතේ ගැන හිතන එක තමයි ඇත්තටම හොද...ඒ අතීතෙට සමුදෙන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා යාලු....

    ReplyDelete
    Replies
    1. කොච්චර අමාරු උනත් ඒ දේ කරන්න ඕනනේ යාලු...මාත් මාස 4ක් තිස්සේම හිතලා,දුක් වෙලා හුගක් අමාරුවෙන් අන්තිමේදී මේ තීරණයට ආවා යාලු..
      හුගක් ස්තුතියි හොදේ....:)

      Delete
  18. ඔයා ගත්ත තීරණය හරියටම හරි අක්කියෝ......:)

    අනාගතයට සුභ පැතුම් මගෙන්.....

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි නංගියෝ හැමදේටම....
      ඔයාටත් එසේම වේවා...!!!

      Delete
  19. මට නං කියන්න දෙයක් හිතාගන්න බෑ අක්කේ.. මේ දවස් වල කිසිම දෙයක් ලියාගන්න බෑ.. ම්ම්... කොහොම උනත් ඔය වගේ අමාරුවෙන් ගන්න වෙන හරි තීරනයක් අරගන්න හිතේ හයිය තිබුණ එක නම් අනාගතේට ලොකු තල්ලුවක් වෙයි.. ජීවිතේ ගත්ත වටිනම තීරණයක් තමයි ඕක.. ආපහු ප්‍රශ්න ඇතුලෙ හිර වෙන්නෙ නැතුව ඉස්සරහට එන ප්‍රශ්න වලට ඉක්මනටම විසඳුම් හොයාගෙන හොඳ කල්පනාවෙන් ඉස්සරහටම යන්න.. මම කලිනුත් කියල තියනවනෙ අක්කගෙ හිතේ හැංගිලා තියන හයිය ගැන.. එදා පිළිගත්තෙ නැති උනාට දැන්නම් පිළිගන්නම වෙනවා අක්කට...

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ වචන මට හුගක් ලොකු හයියක් හැමදාම
      පුළුවන් විදියට ජිවිතේ හැම ප්රොශ්නෙටම මුණ දීලා ඉස්සරහට යනවා අපහු පිටිපස්සට අඩිය තියන එකක් නැ හොදේ..
      හුගක් ස්තුතියි මල්ලියෝ හැමදේටම....:)

      Delete
  20. අපි ඉදිරියට යද්දි අපිව වට්ටන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවද..ඒත් අපි වැටි වැටි හරි ඉදිරියට යන්න ඕනේ..එතකොට තමයි අපිට ජිවිතේ ජයගන්න පුළුවන්..වෙච්ච හැම දේම අමතක කරලා ආයේ නැඟිටින්න පුළුවන්නම් ඔයා දිනුම් හිරු....ඔයාට මන් හදවතින්ම සුභ පතනවා.....

    ReplyDelete
    Replies
    1. ඔයාව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා හොදේ...
      අපි ඉස්සරහට අඩිය තියද්දි අපිට නැගිටින්න ඇත දෙන අය අතරේම අපිව වට්ටන්න කීදෙනෙක් නම් ඉන්නවද නේද.. ඔව් මන් පුළුවන් උපරිම යොදලා මේ වලෙන් ගොඩ එනවා..
      හුගක් ස්තුතියි නිෂ්....:)

      Delete
  21. ඔබගේ ඉදිරිගමන සදහා මගේ උණුසුම් සුබ පැතුම් ...!!!!

    ReplyDelete
    Replies
    1. ඔයාව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා හොදේ...
      හුගක් ස්තුතියි යාලු....

      Delete
  22. // දැන් මම කොමාවක් නෙවෙයි නැවතීමේ තිතක්ම තිබ්බා//

    දවසේ හොඳම තීරණය :) ඔයාගේ හයිය හිත ගැන මට ආඩම්බරයි

    ReplyDelete
    Replies
    1. එයාට මට අද දෙන්න පුළුවන් ලොකුම තෑග්ග ඕක තමයි අක්කෝ.. ඒක මන් දුන්නා ඉතින්...:)
      හුගක් ස්තුතියි සයුරි අක්කෝ.....:)

      Delete
  23. අතීතෙන් ගොඩ එන්නේ නැතුව කවදාවත් හිනාවෙන්න බෑ. අතීතෙන් ගැලවෙන්න විසඳුම් දෙකයි තියෙන්නේ. එකක් අතීතේ වලදාන එක. අනික අතීතෙත් එක්කම වැළලෙන එක. ගොඩක් දෙනෙක් අද කාලේ අතීතයත් එක්ක වැලලෙනකොට ඔයා ගත්ත මේ තීරණේ ගැන ගොඩක් සතුටුයි අක්කේ. අතීතේ කියන්නේ පරවෙච්ච මලක්. ඒකට කවදාවත් පණ දෙන්න බෑ. ඒක හන්ද හෙට පිපෙන්න තියන මල් ගැන හිතලා ඔයා හැමදේම තේරුම් ගත්ත එක ඇත්තටම ගොඩක් හොඳයි. එහෙනම් අලුතෙන් ඉපදුන ඔයාට අලුත් ජීවිතේට සුභම සුභ පැතුම් මගෙන්. !!!!

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි මල්ලියෝ....:)
      මන් තාම ආපහු ඉපදිලා දවස් 4 පොඩි එකනේ...;)
      හැමදාමත්ම ඔයාලගේ ඔය වචන මට ලොකු හයියක්. අතීතය හැමදාමත්ම අතීතය විතරයි අනාගතය වෙන්නේ නැ....
      මම මගේ ඉලක්කය වෙනුවෙන් හැමදේම වෙනස් කරනවා.

      Delete
  24. ජීවිතය විඳවන්නට නොව විඳින්නටය.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අපි හැමදාම කරන්නේ විදවන එක... විදින්න පුරදු වෙන්න ඕනේ..
      හ්ම්ම්ම් හුගක් ස්තුතියි....:)

      Delete
  25. ඒක හොදයි නංගි , දැම්මහම එතන ආපහු ඇරඹුමක් තියෙනවා. ඒක මහ දුකක්. තිතක් තියන්න හිතක් හදාගනිපු එක ගැන සතුටුයි මට.මම අක්කෙක් වුනත් මට ඔය දේ කර ගන්න හයිය නැතුව ගියා...

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හරි ජීවිතේට මුණ දෙන්න මන් ලෑස්තියි අක්කේ...අක්කගේ හිත සැහෙන්න හයියයි අක්කෝ..
      හුගාක් ස්තුතියි අක්කෝ..:)

      Delete
  26. අදමයි මේ පැත්තට ආවෙ... ඔයාගෙ පෝස්ටු වගේම හැදින්වීමත් මම කියෙව්වා... ඔයාටත් මගෙ වගේම ගතිගුණ තියෙන නිසාත්, මමත් ඔයා වගේම කාලයක් වේදනාවෙන් ගත කරලා අමාරැවෙන් ගොඩ ආපු එකෙක් නිසාත්, මට දෙන්න තියෙන හොදම අදහස තමයි.. කාලයට ඉඩ දෙන්න කියන එක... රිදුනු තැවුනු පෑරැනු සිත් සුවපත් කිරීමට කාලය තරම් හොද ඔසුවක් තවත් නැත.... අත්දුටුවයි ප්‍ර‍ත්‍යක්ෂයි............. ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ඔයාව සාදරයෙන් පිලිගන්නවා යාලු..
      කාලයට ඉඩ දුන්න හුගක් වැඩියි කියලා දැන් හිතෙනවා යාලු
      ජිවිතේ අපිට නතර වෙන්න බැනේ කාලය ඔහේ ගලාගෙන යනවා..
      හුගාක් ස්තුතියි හොදේ....:)

      Delete
  27. ගලන ගඟකට කිසිම භාදකයක් නැත්තම් ඒ ගඟේ සුන්දරත්වය ටිකක් අඩු වෙනවනෙ නOගි. හිටිගමන් හම්බවෙන මහ ප්‍රපාත වලින් පහළට වැටෙනකොට කොයි තරම්නම් සුන්දරත්වයක් ඇති කරනවද? මේ ජීවිතේ මුණගැහෙන හැම භාදකයක්ම අපිව ශක්තිමත් කරනව. ජීවිතෙ ජයගත්ත වෙන්නෙ ඒ භාදක තරණය කලාමයි. එහෙම තරණය කල ජීවිතයකට තමයි සුන්දර ජීවිතයක් කියන්නෙ.

    ********************

    බ්ලොග් ලෝකෙට ලඟදි පායපු මගෙ පළවෙනිම පෝස්ට් එක දාපු දාවසෙම මම හොඳට දන්න කියන යාලුවෙක් පායල ඉන්නව කියල දැනගත්තම ගොඩක් සතුටු හිතුන. ඔන්න මම යාලු බලන්න ආව.

    යාලුයි අපි යාලුයි... හැමදාමත් යාලුයි...
    එක ඉත්තක එකට පිපුනු පුOචි යාලුවෝ...

    ReplyDelete
    Replies
    1. සද අයියාවත් සාදරයෙන් පිලිගන්නවා හිරුගේ ලෝකයට..:)
      ජිවිතේ බාධක වලින් ලැබෙන පන්නරයෙන් තමා අපේ ජිවිත ලස්සන වෙනවා කියන්නෙත්.. ඒ අතීතයෙන් ලැබුණු දෙයින් මම මගේ අනාගතේට අත්දැකීමක් විදියට ගලපල ගන්න මන් හැමවෙලේම උත්සාහ කරනවා... හුගාක් ස්තුතියි අයියා..
      සදේ හාවා හොයාගෙන මන් ආවනේ....:)
      යාලුවෝ අපි යාලුවෝ එක පොකුරේ මල් වගේ..

      Delete
  28. අතීතයේ අමිහිරි එවන් වලදමන්න ඕන දේ වලලන ගමන් තවත් දෙයක් හිතට ගන්න ඕන කියලයි මම හිතන්නේ. එනම් අපි අතීතයේ වන වැරදීම් කියන්නේ ඉදිරි ජීවිතයට හොද පාඩම් කියන එක.ඒවයින් ලද පන්නරය එක්ක සාර්ථක ජීවිතයක් අරඹන්න සුභ පතනවා..
    මම හිතන්න්නෙ මම අදම තමා මේ පැත්තට ගොඩ වුනේ. ලිපිය දැක්කම මොනාහරි කොටලම යන්න හිතුවා

    ReplyDelete
    Replies
    1. තොටියාත් හබල් ගාගෙනම මේ පැත්තට ඇවිත්.:)
      ඔයාව සාදරයෙන් මේ පැත්තට පිලි ගන්නවා යාලු...
      අනාගතේට අත්දැකීම් ගොඩක් එකතුකර ගත්තා අතීතයෙන්...හුගාක් ස්තුතියි හොදේ..:)

      Delete
  29. කටුක අතීතය අමතක කරලා සුන්දර අනාගතයත් අමතක කරලා ජීවත් වෙන වර්ථමානයට මුහුණ දෙන්න වෙනවා හැමදෙනාටම

    ReplyDelete
    Replies
    1. ඔයාව සාදරයෙන් මේ පැත්තට පිලි ගන්නවා යාලු...:)
      හුගාක් ස්තුතියි හොදේ...
      වර්තමානෙට කොහොම හරි මුණ දෙන්න එපැයි අපි අමාරුවෙන් හරි...

      Delete
  30. හ්ම්ම්ම් විරහව කියන දේ ආදරේ කරන කොට බලාපොරොත්තු වෙන්න ඕනේ. හැබැයි එකක් කරන ගමන් තව එකක් කරනවා කියන්නේ හරිම කැත වැඩක්
    කෝරලේ වලව්ව

    ReplyDelete