Wednesday, August 1, 2012

වෙනසක් සමග අයිස් යුගයක අවසානය





ඔන්න යාලුවනේ මාස 2 කට පස්සේ දැන් තමා පොඩ්ඩක් නිදහසේ හුස්ම ගන්නේ... විභාගේ ඉවරායි.... දැන් ඉතින් පොඩි පොඩි වැඩ වගයක් තියනවා ඒවා හිමිට ඉවර කරනවා.. දැන් ඉතින් මේකේ මන් මේ මාස 2 ක් තිස්සේ බලන් හිටපු වෙනසට කාලයයි. මුලින්ම මන් ඔයාලා හැමෝම මගේ ටෙඩිගේ ලෝකයට හුගක් ආදරයෙන් පිලිගන්නවා..... නම බොලද ඇති එත් අපි ජිවිතේ හුගක් ආස දේවලට කොහෙන් හරි තැනක් දෙන්න කැමැත්තක් තියන නිසා මන් මගේ බ්ලොග් එක සම්පුර්ණයෙන්ම වෙනස් කළා. නමේ ඉදන් තීම් එකයි ඉන්ටෙෆෙස් එකයි ඔක්කොම. හිරු කියන නම සැහෙන්න ලොකු දෙයක් කළා මගේ ජිවිතේ ඒ නම නිසා හුගක් කතා ඇහුවා. දැන් ඒ සම්පුර්ණ කතාවටම තිතක් තියනවා. අපි ඉපදුනොත් මැරෙනවානේ කවදා හරි ඔන්න ඉතින් හිරු කියන නමත් අද කළු කුහරයක් වෙලා යනවා. මේක කොහෙන් හරි ඉවරටම ඉවරයක් කරන්න මන් සැහෙන්න බලන් හිටියා.අද එකට නියම කාලය. හිරු නමින් ආපහු කවදාවත්ම මන් බ්ලොග් පොස්ට් ලියන්න කියවන්න එන්නේ නෑ යාලුවනේ... මිට පස්සේ මම ප්‍රදී කියන නමින් ඉන්නේ හොදේ.. මගේ අතින් කාටවත්ම නොදැන හෝ වැරද්දක් උනා නම් මන් සමාව ඉල්ලනවා මගේ යාලුවෝ හැමෝගෙන්ම...

මේක අස්සෙම මම අපේ අයිස් යුගයේ අවසානය ගැන කියලම යන්නම්කො...මේ පොස්ට් ලියලා ටික දවසක් උනත් ඔන්න අද එකත් මේ ගමන්ම කියාගෙන යන්නම් හොදේ....:)

අම්මියෝ සැහෙන්න කාලෙකින් මුකුත් ලියන්න බැරි උනානේ ඔන්න ඔහේ මොනවා හරි කොටලා දානවා කියලා හිත හිත ඉන්නකොට මේ ලගදි මල්ලි අයිස් ඒජ් ෆිල්ම් එකේ අලුත්ම කොටස ඇවිත් කියලා මට කිව්වේ... අපි තුන්දෙනා ඉතින් එකතු වෙලා ට්‍රේලර් එකත් බලලා පොඩි චැටක් දැම්මා පරණ සිද්දි ගැන මතක් කර කර එතකොට තමා මතක් උනේ අපේ අයිස් යුගය ගැන.අපේ අයිස් යුගය කියන්නේ අපි පොඩි කාලේදී තිබ්බා වතුර යුගය, අයිස් යුගය කියලා අපිම හදාගත්තු පිස්සු යුග ටිකක්. ඔන්න ඉතින් මන් කියන්න යන්නේ අපේ අයිස් යුගයේ සිද්ධ වෙච්ච සිදුවීමක්. මේක කියවලා ප්‍රදීගේ පිස්සු ඔලුව ගැන හිතා ගන්නකො.මේ සිද්දිය සිද්ද උනේ මම ඉස්කෝලේ 8 වසරේ විතර ඉදිද්දී. ඒ කාලේ අදට වඩා මේ ප්‍රදී දග මල්ලක්. දැන් නම් සැහෙන්න තැන්පත් ළමයෙක්නේ...;)

කොච්චර පිස්සු වැඩ කලත් මේ ෆිල්ම් එකේ ආසම චරිතේ මේකාත් මන් වගේම කොමිටල් නිසාද මන්දා..:D

මොකක් හරි ඡන්දයක් නිසා අපි හැමෝටම සැහෙන්න දිග නිවාඩුවක් ලැබුනා. අපේ අයියා නැන්දා එක්ක ගමේ ගිහින්. අපි තුන්දෙනා විතරයි සැහෙන්න කම්මැලිකමේ ගෙදර හිටියේ.ඉතින් නිවාඩුයි කියලා අපිට හැමදාම ගෙදර ඉන්න බැනේ කොහේ හරි රවුමක් දාල එමු කියලා කිය කිය හිටියා එත් අපිට තනියම කොහෙවත් යන්න දෙන්නේ නැනේ...:( 

ඔහොම ඉන්නකොට ඔන්න ඉතින් අපේ එක මාමා කෙනෙක්ගේ දුවෙක් කොළබ වැඩ කරන නිසා එයාට ඡන්දේ නිවාඩුවට හොස්ටල් ඉන්න කම්මැලිකමට අපේ ගෙදර ආවා. දැන් අපිටත් කම්මැලිකම ටිකක් අඩු උනා ඒක නිසා නැත්නම් පොඩි නිවාඩුවක් හම්බුනාම පිස්සුවක් නැටුවේ නැත්නම් ඒක අපිට කෑවෙ නෑ වගේනේ. දැන් අපි 4 දෙනා එකතු වෙලා ප්ලැනක් ගැහුවා කොහොම හරි අපේ අනිත් සෙට් එක එක්ක එකතු වෙලා පිස්සුවක් නටන්න. ඉතින් ඔන්න මන් අක්කට කිව්වා ඔයා අහන්න අක්කේ අපි තුන්දෙනා එක්ක අපේ ගෙදරට ටිකක් දුරින් ඉන්න ලොකු තාත්තලාගේ ගෙදර යන්නද කියලා ඉහල උසාවියෙන් විමසීමක් කරන්න. ඉහල උසාවියෙන් ඒකමතික අවසර ලැබුන නිසා අපිත් මිටිංහල කුරුල්ලන් මෙන් බස් එකේ නැගලා ලොකු තාත්තලාගේ ගෙදර පියාබලා ගියා. ඊට පස්සේ ඉතින් ඔන්න අපේ 4 දෙනාගේ සෙට් එකට තව 3 ක් සෙට් උනා. ලොකු තාත්තලාගේ ගෙදර අක්කයි, අයියයි, මල්ලියි. දැන් ඉතින් ඔක්කොම හතයි. දැන් ඉතින් අපි ඉවක්බවක් නැතුව සෙල්ලම් කළා දවසෙම, කාඩ් ගැහුවා, ක්‍රිකට්, බැඩ්මින්ටන් ගැහුවා, ඔය එක එක විකාර සෙල්ලම් කළා. කොහොම හරි අපි එක දවසින් ගෙදර එනවා කියලා පොරොන්දු වෙලා ආපු එක තාත්තට කෝල් කරලා දවස් දෙකකට දීර්ඝ කර ගත්තා. අම්මා ඉතින් අපේ තියන දැගලිල්ල දන්නා නිසා අකමැති උනත් තාත්තා අවසර දුන්න නිසා අම්මත් කමක් නෑ කියලා හිටියා. 

ඔන්න ඉතින් ඊට පස්සෙන්දා තමා මහා සංග්‍රාමය ඇරබුනේ. මාමගේ දුවට එදා හදිසියේම යන්න ඕන කියලා හොස්ටල් ගියා. අපි තුන්දෙනා රැ වෙලා තාත්තා එක්කන් යන්න එනවා කිව්වා නිසා අපි නැවතුනා. එදා ඡන්දේ දවස නිසා ලොකු අම්මයි, ලොකු තාත්තයි, ලොකු තාත්තලාගේ ගෙදර අක්කටයි ඡන්දේ තිබ්බා.අක්කගේ මුල්ම ඡන්දේ කොහෙද. කට්ටිය ඡන්දේ දාන්න යන්න ගියා. ලොකු තාත්තලාගේ දුවත් අපි ඉන්න නිසා නොයා ඉනත් හදලා පලවෙනි ඡන්දේ නිසා ආසාවට ජන්දේ දාල එන්න ගියා. ඡන්දේ දාන තැන තිබ්බේ ගෙදරට ටිකක් දුරින්. 

අපි පොඩි අය ටික විතරයි ගෙදර ඉතුරු උනේ ඔන්න එතනින්  තමා අපි අයිස් යුගයට ගියා. අපේ අයිස් යුගය කියන්නේ ඉතින් අයිස් කැට අරන් ගහ ගන්න එක.. :D ඔන්න ඉතින් මහා අයිස් සංග්‍රාමය පටන් ගත්තා. අපි පස් දෙනා පිල් දෙකකට බෙදිලා මිදුලට වෙලා දුව දුව අයිස් වලින් ගහගත්තා. මිදුලේ ගහ ගත්තු එක ටික වෙලාවකින් ගේ ඇතුල දක්වාම ගමන් කළා. ගේ ඇතුලේ වැඩි වෙලා සෙල්ලම් කරන්න උනේ නෑ අපේ ලොකු මල්ලි අයිස් කැටයක් පෑගිලා ටයිල් එකේ ලිස්සලා ගිහින් මුණ මේස කකුලක වද්දගත්තා. එයාව අපි එකතු වෙලා නැගිට්ටනකොට මෙන්න නහයෙන් ලේ වැක්කෙරෙන්න ගත්තා. දැන් සාලේ පුරාම ලේ. අපිට හිතා ගන්න බැරි උනා මොකද කරන්නේ කියලා. අපි ඔක්කොම එයා දිහා බය වෙලා බලන් ඉන්නවා. මට ඉක්මනටම මතක් උනා ලේ තුවාල උනාම අයිස් තියනවා නේද කියලා ඊටපස්සේ ඉක්මනටම අයිස් ටිකක් පොලිතින් බැග් එකක දාලා නහයට තියලා අල්ලන් හිටියා. ඊට පස්සේ ලොකු තාත්තලාගේ ගෙදර අයියා දුවල ගිහන් ත්‍රිවිල් එකක් අඩගහගෙන ආවා. අපි දෙන්න අපේ පොඩි මල්ලිටයි, ලොකු තාත්තලාගේ ගෙදර මල්ලිටයි ගෙදර ඉන්න කියලා ලොකු මල්ලිව අරන් ජන්දේ දාන තැනට ගියා. අපිට තේරුණා එකම දේ එකනේ එවෙලේ ඉතින්.

ඊටපස්සේ ඉතින් ඔක්කොම එකතු වෙලා මල්ලිව හොස්පිටල් එක්කන් ගියා එතැනදී x - ray කරලා බලද්දී එතන තියන අස්ථිය ( Vomer bone එක) කැඩිලා කියලා කිව්වා බෙහෙතුත් දාගෙන ආපහු ලොකු තාත්තලාගේ ගෙදරටම ආවා. ගෙදර එනකොට අපේ අනිත් දෙන්න ලේ පල්ලම් යවන්න කියලා මුළු ගේම හෝදනවා වතුර හෝස් එකක් අරගෙන. ඊටපස්සේ ඉතින් ලොකු අම්මා තාත්තාට කෝල් එකක් දීලා විස්තරේ කියලා තාත්තා ඇවිත් අපිව එක්කන් ගියා බනිනේ නැතුව. එත් ගෙදර ගියාම ඉතින් අම්මගෙන් නම් මදි නොකියන්න අහ ගත්තා. අද වෙනකන් නහයේ ඒ කැළල එයාගේ තියනවා. අපි ඉතින් කවුරු හරි ඒ ගැන ඇහුවාම විහිලු කරනවා අදටත් බොක්සින් ගහන්න ගිහින් කියලා. බොක්සින් ගහන අයගේ නහයේ ඒ අස්ථිය කඩනවද, කැඩෙනවාලුද කොහෙදනේ. එදා ඉදන් අපේ සෙට් එක වැඩිහිටියෙක් නැතුව තනියම ගෙදර දාල ගියේ නෑ..:)  

දැන් නම් ඒවා මතක් වෙනකොටත් හිනා. ඔන්න ඔහොමයි අපේ අයිස් යුගය නිමා උනේ. ඒ කාලේ මතක් වෙද්දී කොච්චර සුන්දරද කියල හිතෙනවා. කාලය ගත වෙනවත් එක්කම....:(  කාලය මැව් වෙනසක අරුමේ කියන්නේ ඕකට තමා ඉතින්..:(



ප.ලි :
අයිස් යුගය ගැන කියද්දී ප්‍රදී කියන මහා පඩිතුමිය මහද්වීප ප්ලාවිතය හෙවත් ලෝකයේ අතීතයේදී එකට එකතු වෙලා තිබ්බ මහද්වීප, වෙන් වෙන් මහද්වීප වලට වෙන්වීමට හේතු වෙච්ච පුද්ගලයා ගැන ලොකු ප්‍රකාශයක් නිකුත් කළා එකත් මෙතනම කොටලා යන්නම් නැත්නම් හරි නැනේ...:D ;) මගේ හොදම යාළුවො මේ ගැන දන්නවා හොදේ. මේකත් අයිස් ඒජ් පලවෙනි කොටස නැරබීමෙන් පස්සේ මගේ මහා ප්‍රඥාවට වැටහුනා දෙයක් තමා. "මහද්වීප ප්ලාවිතය ඇති කරන්න හේතු සාධකය තමා ඔය පහල පින්තුරේ ඉන්න ලේනා.." :D :P එකට තිබ්බ මහද්වීප ටික වෙන් වෙන් මහද්වීප 7 කට වෙන්වීම ගැන කවුරු හරි තරහකින් ඉන්නවා නම් ඒ ලේනව අල්ලගෙන සැරට දෙකක් කියන්න හොදේ... මාත් මේ එයාව අල්ල ගන්න බලන් ඉන්නේ.. ඔන්න මන් කවුද කියන එක හොයලා දුන්නා. මාව ඕකට ගාව ගන්න  එපා මන් හරි අහිංසකයිමම කලේ ඇති කරපු කෙනා හොයලා දුන්න එක විතරයි හොදේ.... :)
                                                         .
                                                         .
                                                         .
                                                         .
                                                         .
                                                         .
                                                         .
                                                         .
                                                         .
                                                         .
                                                         .
මෙන්න මෙයා තමා වැරදිකාරයා ඔන්න...:




ප.ප.ලි : මම බ්ලොග් ලියන්න ආපු දවසේ ඉදන් උදවු කරපු, උඩ තියන බැනර් එක හදන්න උදවු කරපු පැතුම් මල්ලියෝ ඔයාට හුගක් ස්තුතියි හොදේ...:)

 

 

 

 

 

 

65 comments:

  1. හානෙ.. මම දැනන් උන්නෙ නෑනෙ ඔයායි මේ කියලා :)

    අලුත් ආරම්භයට සුභ පැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. හි හි මේ මන්ම තමා නංගෝ...
      හුගක් ස්තුතියි හොදේ....:)

      Delete
  2. ප්‍රදී කිව්වම නිකං කොල්ලෙක් වගේනේ අප්පා...
    කෝම උනත් අළුත් වෙනසට සුභ පැතුම්..
    ජයවේවා!!!!!

    ReplyDelete
    Replies
    1. හප්පා කොල්ලෙක් වගේද...:O
      කමක් නැ අප්පා මගේ නමම මට හොදයි මල්ලියෝ නමක් නිසා අහගත්තු කතා හොදටම අතින්නේ...:)
      හුගක් ස්තුතියි තරි මල්ලියෝ....:)

      Delete
  3. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)))

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා.....!!!
      හුගක් ස්තුතියි රජ මල්ලියෝ....:)

      Delete
  4. අයිස් වලින් ගහගන්නකොට ඇහැක හෙම වැදුන නම් නහය කැඩුනට වඩා දරුණු වෙයි. අපේ මලයත් ඔහොම සීන් එකකට දුවල ගිහින් නළල පලා ගත්තා. බ්ලොග් එකේ අලුත් වෙනසට වගේම ජීවිතේ අලුත් වෙනසටත් මම හදවතින්ම සුභ පතනවා අක්කේ. උදව් කළා කියල යටින් මගේ නම දාල තිබ්බට මම කරපු උදව්වක් නෑනේ අයියෝ.

    ReplyDelete
    Replies
    1. ඒකාලේ ඕවා ගානක් නැනේ අප්පා..දැගලිල්ල විතරමයි..
      ඔයානේ මට මේකට උදවු කලේ...:/
      හුගක් ස්තුතියි පැතුම් මල්ලියෝ....:)

      Delete
  5. හානේ හලි සෝයි........ ඔයා වගේම මමත් මේ කතාවෙ ආසම සතා මේකා තමා හික් හික්

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෝ හරි ෂෝයි එයා...:)
      එයා කරන්නෙම පිස්සු වැඩනේ මේ මම වගේ..
      හුගක් ස්තුතියි හොදේ..:)

      Delete
  6. වෙනසයි කතාවයි 2ම හොදයි...

    ReplyDelete
    Replies
    1. ඔයාව මේ පැත්තට සාදරයෙන් පිලිගනවා යාලු..
      හුගක් ස්තුතියි හොදේ..:)

      Delete
  7. ටෙඩියෝ නම් හොදටම වැඩි වගේ....

    ReplyDelete
    Replies
    1. ඉතින් හොදයිනේ..:)
      හුගක් ස්තුතියි යාලු..:)

      Delete
  8. ලස්සන තීම් එකක්. හොඳ නව ඇරඹුමකට මගේ සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි යාලු..:)

      Delete
  9. අළුත් ආරම්බයට මගෙන් සුභ පැතුම් අක්කි..අළුත් ඉන්ටර්ෆේස් එකත් ගොඩාක් ලස්සනයි..දිගටම ලියන්න හොදේ...

    ReplyDelete
    Replies
    1. වෙලාව තියන වෙලාවට ලියන්නම්..ඒ වගේම හරිම කම්මැලියි මේ දවස් වල ලියන්න..හුගක් ස්තුතියි මල්ලියෝ..:)

      Delete
  10. මම එක පාර බැළුවා කවුද මේ ටෙඩියා කියලා.. බැලින්නම් මේ මෙයානේ... ;)

    ReplyDelete
    Replies
    1. එකනේ දිනේෂ් අයියේ...ටෙඩියෙක් එකපාර පාත් උනාම හරි ප්‍රශ්නෙනේ නේද..?
      හුගක් ස්තුතියි හොදේ..:)

      Delete
  11. මම ආසයි ටෙඩියට...

    ReplyDelete
    Replies
    1. මාත් කැමතියිනේ...;)
      හුගක් ස්තුතියි අක්කෝ..:)

      Delete
  12. අලුත් වෙනසට සුබ පැතුම් වසන්තයක්ම උදා වේවා !!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා මල්ලියෝ...
      හුගක් ස්තුතියි හොදේ..:)

      Delete
  13. ම්ම් අලුත් අයිස් ඒජ් ෆිල්ම් එක මම බැලුවා ලඟදි. ඔයා කිව්වා හරි. ලේනා තමයි වැඩේ කරන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඒක තමා අක්කෝ එයා තමා කරන්නේ...
      හුගක් ස්තුතියි හොදේ..:)

      Delete
  14. ආ මේ මෙයානෙ ... මමත් බලුවා cowද මේ කියල

    අලුත් වෙනසට කැමතියි හිරූ

    ReplyDelete
    Replies
    1. මම නම් cow නෙවෙයි අයියේ...:P :D
      හුගක් ස්තුතියි හොදේ..:)

      Delete
  15. අලුත් වෙනසට මගෙත් සුභ පැතුම් ජය වේවා :))

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි අයියේ..:)

      Delete
  16. ටෙඩී හොඳයි ප්‍රදී. ටෙඩී කියන්නෙ වයස් බේදයකින් තොරව කවුරුත් කැමති එකෙක්නෙ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත Dude..:)
      හුගක් ස්තුතියි..!!!

      Delete
  17. එළ ඈ....මාත් මේ දවස එනකන් හිටියේ....එහෙනම් අළුතෙන්ම පටන් ගම්මු....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒ දවස ආවා..අලුතෙන් හැමදේම පටන් ගත්තා...
      හුගක් ස්තුතියි මල්ලියෝ..:)

      Delete
  18. නම වෙනස්වෙලා.. කාලයත් එක්කම.. දැන් අලුතින් යින්න හිතන්න පුළුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම හිතනවා..හැමදේටම කාලය තමා විසදුම කියන එක නම් ඇත්තම ඇත්ත...
      හුගක් ස්තුතියි ඔබට..!!!

      Delete
  19. හැමදේම විසඳෙයි කියල හැමෝම කිව්වෙ නිකං නෙමේනෙ.. ප්‍රශ්න ගොඩක් විසඳිලා සතුටෙන් ඉන්න වෙලාවෙ ගත්ත හොඳ තීරණ ගැන, වෙනස ගැන සතුටුයි.. පොඩි කාලෙ සෙල්ලං කරද්දි පරිස්සම ගැන හිතන්න වෙලාවක් තියෙයිද පොඩි උන්ට.. ලොකු උන් සෙල්ලං කරන්න ගත්තත් එච්චර තමා.. :D

    ReplyDelete
    Replies
    1. එකනේ මල්ලියෝ සෙල්ලම් කරද්දී අදටත් අපිට කොහෙද සිහියක් නේද...?
      හැමදේම වෙනස් කළා..
      හුගක් ස්තුතියි මල්ලියෝ..:)

      Delete
  20. මම ඉතින් නම වෙනස් කරන්න කිව්වේ ගොඩක් කලින් නේ. ඒ ඉතින් කාටවත් බයේ නෙමෙයි, ඒ නම ඔයාට වැඩක් නැති නිසා.:) දැන් හරි. අලුත් වෙනසට සුභ පැතුම්...:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා ඉතින් මට ඕක කියලා ගොඩක් කල්නේ කසුන්...කොහෙද ඉතින් මම හරි හිතුවක්කරයිනේ නේද...? ;)
      ඔන්න මම නම වෙනස් කළා....
      ඔයාටත් එසේම වේවා...මගේ පාටි 3 දෙන්න හොදේ....;)

      Delete
  21. මම හිතන්නෙ ඊජිප්තුවේ තියන අර මොකද්ද ප්‍රතිමාවත් මෙයාගෙ වැඩක් තමයි!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එයා තමා මල්ලියෝ මාත් ඒක පස්සේ දැක්කේ...
      හුගක් ස්තුතියි මල්ලියෝ..:)

      Delete
  22. සැහෙන කාලෙකට පස්සේ තමා දැක්කේ...
    මම පොඩි කාලේ අයිස් දකින්න හම්බ උනේ අම්මගේ ඔපීසියේ තිබුන අයිස් පෙට්ටියේ විතරයි. හැබැයි අක්කල දෙන්නයි මමයි ගෙදරදී ඔය වගේම පිස්සු වැඩ කරලා තියනවා.

    ReplyDelete
    Replies
    1. කම්මැලියි අප්පා...බ්ලොග් ලියන්න හරිම අනේ මන්දා...:(
      අපේ ගෙදරත් තිබ්බේ නැද්ද කොහෙද.. ඒ උනාට ලොකු තාත්තලාගේ ගෙදර තිබ්බ...
      හැමෝගෙම පොඩි කාලේ මොනවා හරි පිස්සු වැඩක කරන්වමනේ...:)
      හුගක් ස්තුතියි යාලු...

      Delete
  23. අලුත් ආරම්භයට ජයෙන් ජයම වේවා.. :D

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි නංගෝ...
      ඔයාව මේ පැත්තට ආදරයෙන් පිලිගන්නවා...:)

      Delete
  24. පුංචි කාලේ පිස්සු වැඩ කරපු කෙනෙක් මන් වගේම...හ්ම්...

    ReplyDelete
    Replies
    1. එකනේ...හැමෝගෙම පොඩි කාලේ මොනවා හරි පිස්සු වැඩක කරන්වමනේ...:)
      හුගක් ස්තුතියි යාලු...

      Delete
  25. හදිස්සියෙන් බ්ලොග් එකට ගොඩ වැදුනේ.. දැන් ෆලෝ කරලා ගිහින් විවේක තියෙන වෙලාවට ඇවිදින් කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. කියවන්න ඉතින් ලියන්න එපැයි චිනී අයියේ... මේ අක්ක හරි හොරා... එක්සෑම් ඉවර වෙලත් පෝස්ට් දාන්නේ නෑ... :(

      Delete
    2. @ මධුරංග: ඔයා කලින් ආවා නේද...? :O හා හා පස්සේ කියවන්නකෝ...ඒත් මේ ටිකේ කියවන්න කම්මැලියිනේ...
      හුගක් ස්තුතියි...

      @ අනූ :මේ දවස් වල හරිම කම්මැලියි නංගෝ...එකයි ලියන්නේ නැත්තේ..බ්ලොග් ලියවන එක කෙසේ වෙත්තත් කියවන්නත් කම්මැලි වෙලා තියනකොට...:( :'(
      හුගක් ස්තුතියි...

      Delete
  26. මේ බ්ලොග් එකට ආවේත් මං පළවෙනි වතාවට.ඉතුරු ලිපිත් කියවලා බලමුකෝ

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි යාලු...
      ඔයාව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...:)
      කියවන්න ගොඩක් ලිපි නම් මම ලියලා නැද්ද කොහෙද..:)

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. නම ප්‍රදී උනාට තාම පින්තූරෙ ඉන්නෙ හිරු සදු නෙ. ඒකත් මාරු කරල දාන්න එපැයි. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි ඩිඩි...
      හා හා වෙනස් කරන්නම්කො එහෙනම්....
      වෙනස හොදයිනේ.. :)

      Delete
  29. මම නම් ආවාමයි මේ. පොඩ්ඩක් හිටින්ට කො. පරණ ටිකත් කියවලා බලන කල්. :))

    ReplyDelete
    Replies
    1. ඔයාව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...:)
      හා හා බලන්නකෝ...කියවන්න ගොඩක් ලිපි නම් මම ලියලා නැද්ද කොහෙද..:)
      හුගක් ස්තුතියි යාලු...

      Delete
  30. මමත් මෙ අවේ පළවෙනි පාර මේ පොස්ට් එක කියවනකොට අයෙම මම පුන්චි කලෙට ගියා වගේ

    ReplyDelete
    Replies
    1. ඔයාව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...:)
      හුගක් ස්තුතියි යාලු...

      Delete
  31. අපේ අම්මෝ පෝස්ට් එකේ දිග... කියෙව්වේ නෑ හොඳේ... තරහ ගන්ට එපා... වෙලාව මදි ඒකයි... පස්සේ වෙලාවක ඇවිල්ලා මුල ඉඳලම කියවන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. ඔයාව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...:)
      අයියෝ කිසි තරහක් නැ යාලු...දිග වැඩියිද..? :( සොලී හොදේ...
      හුගක් ස්තුතියි යාලු...

      Delete
  32. අදමද කොහේ මේ පැත්තේ ආවෙත් රසවත් සිදුවීමක්නේ.
    කෝරලේ වලව්ව

    ReplyDelete