Monday, July 9, 2012

හැමදාමත් ලගින්ම ඉන්නවා නේද..?

විබාගත් ලග ලගම එනවා..:'( බ්ලොග් එකක් තියනවද නැද්ද කියලා අමතක වෙලා.මේ මාසේ අන්තිම වෙනකන් ඔලුව උස්සන්න බැරි තරම් වැඩ ගොඩක් පිරිලා.මේ මාසෙට පොස්ට් එකක් නොදැම්මොත් හරි නැ කියලා හිතුන නිසා මේ පහුගිය දවසක පිස්සු තද වුන වෙලාවක ගලපපු වචන ටිකක් දාලා යන්න හිතුනා.මේක මගේ බුකියේ දාලා තිබුනා හැබැයි...මේක කියෙව්වාම හිතේවි හිරුගේ ඔලුව කොහේ හරි වැදිලා කියලා. ඇත්තටම ඔව් අලි පොත් කන්දක ඔලුව වැදිලා ඉන්නේ මේ දවස් වල...;)





මගේ පුංචිම පුංචි වලස් පැන්චෝ
ඔයා තමා මගේ හොදම යාලුවා
දුක හිතුනම බදාගෙන අඩන්නයි
සතුටු හිතුනම බදාගෙන හිනා වෙන්නයි
මන් අඩනකොට ඔයාට කතා කරන්න බැරි උනත්
ඔය පුංචිම පුංචි ඇස් වලින් අඩන්න එපා කියලා කියන්නයි
හිනාවෙලා ඉන්නකොට ඔය පුංචි ඇස් පුරෝලා
ආදරේ පෙන්නනවා බලන් ඉන්න මන් හුගක් ආසයි
මගේ පිස්සු කතා අහන් ඉන්න
මේ ලෝකේ කවුරු අකමැති උනත්
ඔයා මන් ලගින් ඉදන් හැමදාම ඒ කතා අහන් ඉන්නවා
ඔයා හොදටම දන්නවා මේ පුංචි පිස්සු හිත ගැන
මේ ලෝකේ කවුරු මාත් එක්ක තරහ උනත්
ඔයා කවදාවත් තරහ නොවී ඉන්නවා
මට ඉන්නෙත් ඔයා විතරයි වගේම
ඔයාට ඉන්නෙත් මන් විතරනේ
මේ පුංචි හිත පුරාම
ලොකු ආදරයක් තියනවා
හැමදාමත් ඔයා ගැන
මේ ඉන්නවා වගේම
හැමදාමත් ඉන්නවා නේද මන් ලගින්ම..?
 .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

 මෙන්න මේ වලස් බබාව දැක්ක වෙලේ ඉදන් හිරුට මොනවද වෙලා....







ප.ලි  : මම බ්ලොග් ලියන එක අඩු උනත් හැමෝගෙම පොස්ට් කියවන්න අනිවාර්යෙන්ම ඉක්මන්ටම එනවා යාලුවනේ. අනේ හැමෝම සමාවෙන්න....:(

ප.ප.ලි.: හුගක් වෙලාවට විභාගෙන් පස්සේ පොස්ට් එකක් ලියනකොට මගේ බ්ලොග් එක හුගක් වෙනස් වෙලා තියේවි හොදේ....

65 comments:

  1. වලස් පැටියා:- මෙයා මේ මගුලක් කතා කරනවා.හැම මගුලටමමාව බදාගෙන අඩනවයි හිනාවෙනවයි විතරයි. අඩුගානේ උඹ කෑවද කියලා අහලා තියද.. මෙච්චර කාලයක් අඩලා කදුළු වලින් මාව නාවලා. උම්මා දීල කෙල වලින් නාවලා.. එක දවසක් මාව නාවපන්කෝ..කෝ මම තාම ගෙනාපු විදිහමයි. මටම මාව ගදයි.. හපූයි මේ සැරේවත් මාව නාවන්නකෝ..පිං සිද්ද වෙයි..

    මේ මේ කතාව මම එහෙම නෙවෙයි කිව්වෙ ඕං..ඔය වලස් පැටියා තමයි මට කිව්වෙ කියන්න කියලා..

    ReplyDelete
    Replies
    1. මේ කතාව කියූ වලස් පැංචාට රාජ සම්පතම ලැබේවා!!! :-)))

      Delete
    2. @ තරුවා : එයා නානවා ඔයාලා වගේ නැ....:
      හුගක් ස්තුතියි මල්ලියෝ..:)

      @ අඩවි රජ : හා හා එයාට රාජ සම්පත් ලැබෙයි මල්ලියෝ ඔයානේ කිව්වේ....:)

      Delete
  2. වාව්..ඒක හරිම ලස්සනයි..පොත් ගොඩක ඔලුව හැප්පුනත් ලියමන නම් ලස්සනයි....

    විභාහගෙටත් හොදින් සාර්ථකව මුහුණ දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. ඔව් සැහෙන්න ලොකු පොත් ගොඩක ඔලුව හැපුනා.....:)
      හුගක් ස්තුතියි යාලු..:)

      Delete
  3. ඔයාගේ මේක කියවලා මට මතක් වුනේ කෙනෙක්ගේ ලග තියෙන එයා ගැන හැම‍දේම දන්න කුරුළු කොට්ටේ..හ්ම්...ඒ කොට්ටේ හුගාක් ලස්සන එකක්ලූ.කවදාවත් මට පෙන්නලා නෑ.ඒත් කියලා තියෙනවා හැම නිතරම..පස්සෙ කාලෙක පෙන්නන්නම් කිව්වා. ඒත්.....මාත් අලුත් ජීවිතේ බෙදා ගන්න ගන්නවා ටෙඩියෙක්ව.නිල්පාට හරි කහපාට හරි...
    විභාගේ හොදට කර ගන්න මයෙ නංගියෝ...

    ReplyDelete
    Replies
    1. ඔහොමතමා අක්කෝ හැමෝ ලගම ඉන්නවා ඔය වගේ පුංචි කාලේ යාළුවො..:)
      හුගක් ස්තුතියි අක්කෝ..:)

      Delete
  4. හරි හරි... ඔලුව නං වැදිලා තියනවා කුඩු වෙන්නම.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් සැහෙන්න ලොකු පොත් ගොඩක ඔලුව හැපුනා.....:)
      හුගක් ස්තුතියි මල්ලියෝ..ඔයාටත් එසේම වෙවා...!!!

      Delete
  5. අලුත් වෙනසකට සුබ පැතුම් වසන්තයක් ම උදා වේවා !!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි මල්ලියෝ..ඔයාටත් එසේම වෙවා...!!!

      Delete
  6. මෙයාට නම් වලහෙක් හරි ඉන්නවා.. ඒත් අපිට? :(

    ReplyDelete
    Replies
    1. වැලහින්නක්වත් හොයාගම්මු බොලං..

      Delete
    2. @ වෙඩික්කාරයා: ඔයාව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා යාලු...
      ඔහොම යනකොට වලහින්නක්ම හම්බවෙයි...;)
      හුගක් ස්තුතියි හොදේ..:)

      @ බට්ටා : එකනේ නේද මල්ලියෝ...;)

      Delete
  7. විභාගේ හොඳින් ලියන්න සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි යාලු..:)

      Delete
  8. හය්යූ.. වෙලාවකට හිතෙනව අෆ්ෆා අනේ මං ටෙඩියෙක් උනානම් කියලා

    හොඳට විභාගෙ ලියන්න.. වලස්සු බදාගෙන ඉදල හරියන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අලෙ ඔහොම ඉරිසියා කරන්න එපා අයියේ..ඔහොමයනකොට පන තියන වැලහින්නක්ම ලැබෙයි...:)
      ඒ උනාට වලස්සු බදාගෙන ඉන්න එපැයි...
      විභාගේ ලිව්වා..
      හුගක් ස්තුතියි අයියේ..:)

      Delete
  9. කවි රැල්ල නැගලා යනවා වගේ :)

    ReplyDelete
    Replies
    1. එහෙමද...? ඒ උනාට මට කවි ලියන්න බැ අප්පා..ඔහේ මොනවා හරි කුරුටු ගානවා මිසක්...හුගක් ස්තුතියි යාලු..:)

      Delete
  10. අවසානයේ ප්‍රස්නාර්ථයක් තියන හින්දම හොදයි...
    විභාගේට සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කිව්වේ..?
      හුගක් ස්තුතියි යාලු..:)

      Delete
  11. විභාගේ ඉවර කරලා එන්න කෝ.

    ReplyDelete
    Replies
    1. විභාගේ ඉවරයි...හුගක් ස්තුතියි අයියේ..:)

      Delete
  12. pinthure inna tediyanam godak lassanai akkiyo eyanam mawath pissu wattuwa.mage adeth innawa lassana loku ha patiyek.mage dukedith,sathutedith mage lagin inne eya tamai akki..... a wagema exam eka hodata karaganna labewa kiyala prarthana karanawa akkiyo.........

    ReplyDelete
    Replies
    1. මාත් ඌට පිස්සු වැටුනා නංගෝ...:)
      ඔයාගේ හා පැටියා හැමදාම ඔයා එක්කම ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගෝ..
      හුගක් ස්තුතියි හොදේ..:)

      Delete
  13. වෙනසක් තියනවා නේද? ම්ම්ම්.. ගොඩක් දේවල් කල්පනා වෙනවා. ඒත් මොකක් කියන්නද හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. වෙනසක් පෙනවාද එහෙනම් හොදයිනේ...මොනවා හරි කියන්න එපයි අප්පා...:)
      හුගක් ස්තුතියි යාලු..:)

      Delete
  14. කොහොමත් පණ තියෙන යාළුවන්ට වඩා මේ ටෙඩියා හොඳයි ප්‍රදි...:D

    ReplyDelete
    Replies
    1. එකනේ නේද නිෂ්..:)
      හුගක් ස්තුතියි හොදේ..:)

      Delete
  15. වලස් පැට්ටා පව් අප්පා...අහිංසක ටෙඩියත් ඉවරයි. :D

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ එහෙම කියන්නේ...? :(
      එයා මන් ලග ඉන්න පින් කරන්න ඕනෙනේ..:)
      හුගක් ස්තුතියි යාලු..:)

      Delete
  16. හ්ම්ම්ම් මේක මුනුපොතේන් දු‍ටුවෙමි... එක්සැම් ටෙන්ශන් වැඩි වෙනකොට ඔහොම දේවල් හිතෙන එක ගැන නම් ඔයා ආඩම්බර වෙන්නම ඕනා... අපිට ඉතින් ඔහොම දෙයක් හිතෙනවා තියා වචනයක් වත් කතා කරන්න හිතෙන්නේත් නැ...

    එක්සැම් ඉවර කරලා එන වෙනස තෙක් බලාගෙන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. හික් හික් ටෙන්ෂන් වැඩි වෙනකොට වෙන දේවල හිතා ගන්න බැනේ....:)
      හුගක් ස්තුතියි යාලු..:)

      Delete
  17. වලහ ඔ්ව කාටවත් කියන් නැති බවනං ෂුවර්! :)

    ReplyDelete
    Replies
    1. හේ හේ එකනේ මල්ලියෝ වලහටම කියන්නේ...:)
      හුගක් ස්තුතියි මල්ලියෝ..:)

      Delete
  18. විභාග හොදට කරගන්න !!! ජයෙන් ජයම වේවා!!!

    ශෝයි ටෙඩී!!කවියත් ලස්සනයි!!

    ReplyDelete
    Replies
    1. ඔව් එයා ෂෝයි...
      හුගක් ස්තුතියි නංගෝ..:)

      Delete
  19. බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු,


    බ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත)

    එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.

    තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු...


    ස්තූතියි

    මෙයට සංවිධායක කමිටුව





    අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
    අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.

    --
    අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk

    බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio

    බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි යාලු..:)

      Delete
  20. හ්ම්.. මමත් දැක්කා කලින්... මොන දේ උනත් හරිම වෙනස්.. කවියක්ද කියල නම් මම හිතනව මේ.. නිසඳැසක් තමා මම හිතන්නෙ.. වෙනස් නිසාම ලස්සනයි.. විබාගෙ පාස් වෙන්න.. :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මල්ලියෝ නිසදැසක් වගේ නේද..?
      හුගක් ස්තුතියි හොදේ..:)

      Delete
  21. වෙනසක් වෙයි කිවුවේ.. මෙයා මේ වලහා වෙනුවට කොල්ලෙක් හොයාගෙනද කොහේද? අනේ පවු අහිංසකයා.. දැන් මේවා අහන් ඉන්න වෙනවනේ.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වෙනසක්..එත ඔයා කියපු වෙනස ආවේ ඊට පස්සේ අයියේ..;)
      එයාට අහන් ඉන්න පුලුවන්ලුනේ.....:D පව් නැ එයා...:(
      හුගක් ස්තුතියි දිනේෂ් අයියේ..:)

      Delete
  22. මමත් මේ හිටියට වලහෙක් වගේ.. නෑ නෑ හිම වළහෙක්, සුදුම සුදු !

    ReplyDelete
    Replies
    1. හිමවලහෙක්ද..? :O හපොයි එයාලා හරි භයානකයිනේ...:P
      හුගක් හිමවලස්සු අලුපාටයි..:P :D
      හුගක් ස්තුතියි යාලු..:)

      Delete
  23. වලස් පැටියට ඕක අහුනනම් හිරු අක්ක කියපු දේවල්.......... කතා කරන්න පුළුවන් නම් කියයි ඔයා දෙන දස වද. මම මේක ඉස්සෙල්ලම කියවනකොට හිතුනේ පන තියන එකෙක්ට කියන කතාවක් කියල

    ReplyDelete
    Replies
    1. විභාගෙන් පස්සසේ දකින්න පුළුවන් වෙනස මොකක්ද අප්පා. මොනවා හරි කරමක් නෑ හොඳ වෙනසක් නම්. මම කියන්නමයි හිටියේ මේ ලේ පැල්ලම් බැක්ග්‍රවුන්ඩ් එක මාරු කරන්න කියල. ඒකත් ඒ වෙනසට එකතු කරගත්තොත් මොකද ?

      Delete
    2. වලස් පැටියා ඔය හැමදේම අහන් ඉන්නවා මල්ලියෝ...එයාට දස වදත් දෙනවා ඉතින් වෙලාවකට ඒක වෙනම කතාවක්...;) පන තියන අයට මෙහෙම කියන්න බැනේ අප්පා...;)
      ඔන්න දැන් වෙනස දැක්කනේ නේද...ඔක්කොම වෙනස් කළා මල්ලියෝ ඔයා කියපු නිසා බැක්ග්‍රවුන්ඩ් එකත් වෙනස් කළා...
      හුගක් ස්තුතියි මල්ලියෝ...:)

      Delete
  24. ටෙඩියොන්ට ඔච්චර ආසද :ප
    එල එහෙනම් හිරු අක්කේ නියමෙටම ලියන්න මගේ සුබපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ඔව්නේ......ටෙඩිලට ආසද අහනවා....:)
      හුගක් ස්තුතියි මල්ලියෝ..:)

      Delete
  25. ඔලුව නම් තදින්ම වැදිලා තියෙන බව පේනවා.
    විභාගය උපරිමයෙන්ම කරගැනීමට හේතු වාසනා වේවා!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් හුගක් තදින්ම වැදිලානේ හිටියේ...:)
      හුගක් ස්තුතියි..:)

      Delete
  26. ආ.. ඒක හොඳයි විභාගේට පුංචි මානසික වෙනසක් දැනෙන්න.

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි ඔබට..:)

      Delete
  27. විභාගයෙන් ගොඩ වී හොද පෝස්ටුවක් දාන්න...

    ReplyDelete
    Replies
    1. බලමුකෝ යාලු මේ දවස් වල කොටන්න මාරම කම්මැලියි..
      හුගක් ස්තුතියි හොදේ..:)

      Delete
  28. විභාගේ හොදින් කරගන්න මගෙත් සුභ පැතුම්. විභාගේ ඉවර උනාම ඔය ඔලුවේ අමාරුවත් හොද වෙලා තියෙයි

    ReplyDelete
    Replies
    1. ඔලුවේ අමාරුව එහෙම හොද වෙන්නේ නැ අයියේ..;)
      හුගක් ස්තුතියි හොදේ..:)

      Delete
  29. වලස් පැන්චයි කවියයි ඔක්කෝම ෂෝ....ක්

    ReplyDelete
    Replies
    1. ඔයාව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා යාලු...
      හුගක් ස්තුතියි හොදේ..:)

      Delete
  30. විභාගේ හොදින් කරගන්න..අහ්..දැන් විභාගේ ඉවරද මන්ද..

    ReplyDelete
    Replies
    1. විභාගේ ඉවරයි....
      හුගක් ස්තුතියි යාලු..:)

      Delete
    2. ඔයාව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා හොදේ...

      Delete